රුසියන් සංචාරය අවසන් කිරීමෙන් පසු, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය.
ජගත් මහ ලේකම්වරයා රුසියාවට ගියේත්, ඉන්පසු යුක්රේනයට පැමිණියේත් රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.
කෙසේ නමුත්, ජගත් මහ ලේකම්වරයා පළමුවෙන් රුසියාවට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සිය අප්‍රසාදය පළ කර තිබුණි.
එසේ වුවත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇතුළු යුක්රේන රජයෙන් ජගත් මහ ලේකම්වරයාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.
තමන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණි බව මහ ලේකම්වරයා නිවේදනය කළේ ට්විටර් පණිවුඩයක් මගිනි.
'මොස්කව් සංචාරය අවසන් කිරීමෙන් පසු මා යුක්රේනයට පැමිණියා. රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේන නගරවල සිරවී සිටින අසරණ සිවිල් වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම අප දිගටම සිදු කරනවා. මේ යුද්ධය ඉක්මනින් අවසන් වෙන්න ඕනෑ. රුසියාවේ යහපත වෙනුවෙන් යුක්රේනයේ යහපත වෙනුවෙන් පමණක් නොව; මුළු ලෝකයේම යහපත වෙනුවෙන් යුද්ධය අවසන් වෙන්න ඕනෑ' යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.
ජගත් මහ ලේකම්වරයා රුසියාවේ මොස්කව් නුවරට යෑමට පෙර තුර්කියේ අන්කාරා අගනුවර බලා ගියේය. ඒ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවී, රුසියන් යුක්රේන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමටය. නේටෝ සාමාජිකයකු වන තුර්කිය රුසියාවේ මිතුරකු වන අතර, රුසියන් යුක්රේන අර්බුදය සාමකාමී විසඳා ගැනීමට මැදහත්කරුවකු ලෙස කටයුතු කරන්නේ ද තුර්කියයි.
තුර්කි සංචාරය අවසන් කරමින් මොස්කව් බලා පැමිණි ගුටරේස් පිළිගනු ලැබුවේ රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් විසිනි. ජගත් මහ ලේකම් ගුටරේස් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා පැවැත්වීම ඉන්පසු සිදුවිය.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජගත් මහ ලේකම් යුක්රේනයට