
අප්‍රිකාවට අයත් නයිජීරියාවේ අනවසරයෙන් පවත්වාගෙන ගියේ යැයි පැවැසෙන තෙල් පිරිපහදුවක සිදුවුණු පිපිරීමකින් 100 දෙනකු මියගිය බවත් තවත් 100 කට වැඩි දෙනකු බරපතල ලෙස තුවාල ලැබූ බවත් පැවැසෙයි.
පිපිරීමට හමුවී මියගිය වැඩි දෙනා හඳුනා ගැනීමට පවා නොහැකි තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වේ. මීට පෙර පසුගිය 2021 ඔක්තෝබරයේ දී ද මෙවැනි ආකාරයට නයිජීරියාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක් සිදුවී 50 දෙනකු ජීවිතක්ෂයට පත්විය. ඔවුන්‌ගෙන් වැඩි දෙන කුඩා දරුවන් සහ කාන්තාවන් බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd