ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත රැසක නගර කීපයක බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවුණු බවත්, ඒවායින් 10 දෙනකු මියගොස් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෝම්බ ප්‍රහාරවල ඉලක්කය වී ඇත්තේ ෂියා මුස්ලිම් වැසියන් බවත්, බෝම්බ පුපුරුවා ඇත්තේ සුන්නි මුස්ලිම් අන්තවාදීන් බවත් ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බෝම්බ පුපුරුවන්න ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්.කේ ත්‍රස්ත කල්ලිය යැයි සැක කෙරේ. අයි.එස්.කේ යනු ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලිය වන අතර, මෙම කල්ලිය සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් එකකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd