
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින සිය 96 වෙනි ජන්ම දිනය ඇයට අයත් නොර්ෆොල්ක් වතුයායේ සිට සැමරුවාය.
දෙවැනි එළිසබෙත් මහ රැජින වැඩිම කාලයක් බ්‍රිතාන්‍ය කිරුළ දරා සිටින රාජ්‍ය නායකයා ද වෙයි. ඇය වින්ඩ්සර් මාලිගයේ සිට නොර්ෆොල්ක් වතුයායේ පිහිටි කුඩා මන්දිරය බලා ගියේ හෙලිකොප්ටරයකිනි.
මීට සති කීපයකට පෙර මහ රැජිනට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය විය. සුවය ලැබුවත්, වයිරසය හේතුවෙන් තම සෞඛ්‍ය තත්ත්වය දුර්වල වී ඇතැයි රැජින පවසා තිබේ.
නෝර්ෆොල්ක් වතුයායට පැමිණි මහ රැජින රජ පවුලේ සෙසු සාමාජිකයන් සහ මිතුරන් මුණ ගැසුණාය. නොර්ෆොල්ක් වතුයායේ පිහිටි කුඩා මන්දිරය එලිසබත් මහ රැජිනගේ ස්වාමි පුරුෂයා වූ පිලිප් කුමරුන්ට අයත් එකකි. පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූයේ පසුගිය 2021 වසරේය.
දෙවැනි එළිසබත් මහ රැජින, 96 වෙනි ජන්ම දිනය සැමරීම සඳහා නිල ඡායාරූපයක් ද නිකුත් කර තිබේ. මහ රැජින එම ඡායාරූපයේ පෙනී සිටින්නේ ඇය වඩාත් ප්‍රිය කරන සුදු පැහැති පෝනියන් දෙදෙනකු ද සමඟය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙවැනි එලිසබත් මහ රැජිනට 96 ක්