
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ කී වෙස්ට් හි පිහිටි නාවික හමුදා කඳවුරේ ගුවන් පථය හදිසියේ වසා දැමීමට සිදුවිය.
ඒ, ගුවන් පථයේ ගුවන් යානාවලට ගොඩබෑමට නොහැකි අයුරින් කිඹුළකු අව්ව තැපීම නිසාය.
ගුවන් කඳවුර පිහිටා ඇත්තේ වගුරු බිමක් ආසන්නයේය. එය දැල් වැටකින් ආවරණය කර ඇති නමුත් අඩි 7 ක් දිග කිඹුලා කෙසේ හෝ කඳවුරේ ගුවන් පථයට පැමිණ එහි සැතපී ඇත.
කිඹුලා යනතුරු බලන් සිටීමට ගුවන් කඳවුරේ බලධාරීන්ට සිදුවිය. කෙසේ නමුත් එවැන්නක් සිදු නොවුණු බැවින්, වනජීවී ආරක්ෂක නිලධාරීන් ගෙන්වා කිඹුලා එතැනින් ඉවත් කිරීමට සිදුවුණු බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඇමෙරිකන් පුවත් සේවා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd