
යුක්රේනයේ මරියුපෝල් නගරය මුළුමනින්ම අත්පත් කරගත් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපති පුටින් වැඩි දුරටත් පවසා ඇත්තේ රුසියන් හමුදා මරියුපෝල් නගරය වට කර ඇත්තේ, ‘මැස්සකුටවත් පිටතට යෑමට හෝ ඇතුළු වීමට හෝ නොහැකි වන ආකාරයටය.
මරියුපෝල් යුක්රේනයේ වෙරළාශ්‍රිත නගරයකි. වානේ කම්හල් බොහොමයක් ඇත්තේ මෙම නගරයේය. මරියුපෝල් නගරයට ඔබ්බෙන් ඇත්තේ අසෝව් මුහුදය. රුසියාව අසෝව් මුහුදින් ද නගරය අත්පත් කර ගැනීමට පහර දුන්නේය.
මරියුපෝල් අත්පත් කර ගනිද්දී, යුක්රේන සොල්දාදුවන් 2,000 දෙනකු නගරයේ කොටුවුණු බවත් රුසියන් හමුදා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් රුසියන් පුවත් සේවා වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින්ගේ පට්ට බොරු...
මෙම ප්‍රදේශය අසෝව් නම් නියෝ නාසි සේනාංකයේ මූලස්ථානය වේ. දැනටද ඔවුන් අනෙක් පසට හැරුණු ස්වස්තිකය සහ හිට්ලර්ගේ එස්.එස්. හමුදාවේ කළු වලාකුළු යුගලය සිය ලාංඡනය ලෙස භාවිතා කරයි. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස මෙම අසෝව් සොල්දාදුවන්ගේ මිලේච්ඡ කෲරකම් බලපෑ බව රුසියාව සඳහන් කරයි. 2014 වසරේදී ගොඩනැගිල්ලක් තුළ 38 දෙනෙකු පුලුස්සා ඝාතනය කිරීම ඒ කෲරකම් අතර ප්‍රධාන තැනක් ගනී...!
මෙතන කියන්නේ රුසියාව මරියුපෝල් නගරය අල්ලලාද, නැතිනම් මරියුපෝල් නගරය විසින් රුසියාව අල්ලගෙනද?