
යුක්රේනයේ මරියුපෝල් නගරය මුළුමනින්ම අත්පත් කරගත් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපති පුටින් වැඩි දුරටත් පවසා ඇත්තේ රුසියන් හමුදා මරියුපෝල් නගරය වට කර ඇත්තේ, ‘මැස්සකුටවත් පිටතට යෑමට හෝ ඇතුළු වීමට හෝ නොහැකි වන ආකාරයටය.
මරියුපෝල් යුක්රේනයේ වෙරළාශ්‍රිත නගරයකි. වානේ කම්හල් බොහොමයක් ඇත්තේ මෙම නගරයේය. මරියුපෝල් නගරයට ඔබ්බෙන් ඇත්තේ අසෝව් මුහුදය. රුසියාව අසෝව් මුහුදින් ද නගරය අත්පත් කර ගැනීමට පහර දුන්නේය.
මරියුපෝල් අත්පත් කර ගනිද්දී, යුක්රේන සොල්දාදුවන් 2,000 දෙනකු නගරයේ කොටුවුණු බවත් රුසියන් හමුදා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් රුසියන් පුවත් සේවා වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මරියුපෝල් නගරය රුසියාව අල්ලා ගනී
Kumar (Gulf) Thursday, 21 April 2022 02:43 PM
පුටින්ගේ පට්ට බොරු...
දර්ශන පෙරේරා Friday, 22 April 2022 11:32 AM
මෙම ප්‍රදේශය අසෝව් නම් නියෝ නාසි සේනාංකයේ මූලස්ථානය වේ. දැනටද ඔවුන් අනෙක් පසට හැරුණු ස්වස්තිකය සහ හිට්ලර්ගේ එස්.එස්. හමුදාවේ කළු වලාකුළු යුගලය සිය ලාංඡනය ලෙස භාවිතා කරයි. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස මෙම අසෝව් සොල්දාදුවන්ගේ මිලේච්ඡ කෲරකම් බලපෑ බව රුසියාව සඳහන් කරයි. 2014 වසරේදී ගොඩනැගිල්ලක් තුළ 38 දෙනෙකු පුලුස්සා ඝාතනය කිරීම ඒ කෲරකම් අතර ප්‍රධාන තැනක් ගනී...!
E.A.Gunatilaka Friday, 22 April 2022 04:04 PM
මෙතන කියන්නේ රුසියාව මරියුපෝල් නගරය අල්ලලාද, නැතිනම් මරියුපෝල් නගරය විසින් රුසියාව අල්ලගෙනද?