
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඇස්ටින් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියහ.
රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට මාස 3 ක් ගත වී ඇති අතර, එම කාලය ඇතුළත යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණි ඇමෙරිකන් රජයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ලෙස සැලකෙන්නේ ඇන්තනි බ්ලින්කන් සහ ලොයිඩ් ඇස්ටින් ය.
බ්ලින්කන් සහ ඇස්ටින් දෙදෙනා යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේ පෝලන්තය හරහාය. පෝලන්තය යුක්රේනයේ අසල්වැසි රාජ්‍යයක් වන අතර නේටෝ සාමාජිකයෙකි.
කීව් අගනුවරදී යුක්රේන ජනාධිපති සෙලෙස්කී සහ යුක්රේන රජයේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීය. සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ යුක්රේනයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd