
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයින් 5 දෙනා නිශේධ බලය භාවිතා කළ විට, භාවිතා කිරීමට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු යැයි යෝජනාවකට ඡන්දය දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභාවේ සාමාජික රටවල් 193 සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නිශේධ බලතල ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත් වන යෝජනා, සාකච්ඡා දුර්ලභ මෙන්ම මතභේදාත්මක වූවත් රුසියානු - යුක්රේන අර්බුදය හේතුවෙන් නිශේධ බලතල ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සාකච්ඡා කරළියට පැමිණ ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
මෙම යෝජනාව ස්ථිර සාමාජිකයින් පස් දෙනා වන ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව සහ ප්‍රංශය ඉලක්ක කර ඉදිරිපත් වන අතර නිශේධ බලය භාවිතා කිරීමේදී වැඩි දේශපාලන වගකීමක් ලබා දීම මෙම යෝජනාවේ අරමුණ වී ඇත.
මෙම යෝජනාව ලිච්ටෙන්ස්ටයින් රාජ්‍ය ඉදිරිපත් කර ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 60 ක් පමණ මෙම ප්‍රතිසංස්කරණය සඳහා අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd