
පාකිස්තානයේ නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අද (18) නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත බව වාර්තා වේ. නව කැබිනට් මණ්ඩලය පත් කෙරෙනු ඇත්තේ සතියක ප්‍රමාදයකින් පසුවය.
විශ්වාසභංග යෝජනාව පරාජය වී, ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධූරයෙන් නෙරපා දැමීමෙන් පසු පකිස්තාන මුස්ලිම් ලීගය-එන් පක්ෂයේ සභාපති මෙන්ම විපක්ෂ නායකයා ලෙස ද කටයුතු කරමින් සිටි ෂෙහ්බාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණි.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමීමට තවත් විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වූ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ ද මැදිහත් වී කටයුතු කළේය.
තමන්ට අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට සහාය දැක්වූ සියලු දෙනා කැබිනට් මණ්ඩලයට ඇතුළත් කරන බව ෂෙහ්බාස් ෂරීෆ් පවසා තිබේ
නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී පකිස්තාන මුස්ලිම් ලීගය-එන් පක්ෂය සඳහා අමාත්‍යංශ 14 ක් ද පාකිස්තාන ජනතා පක්ෂය සඳහා අමාත්‍යංශ 11 ක් ද හිමි වීමට නියමිත යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd