
කොවිඞ් 19 ඔමික්‍රෝන් බී.ඒ.2 උප ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාව පුරා පැතිරී ඇතැයි එරට වසංගත රෝග පාලන මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘කොවිඞ් 19’ වයිරසයේ සැර බාල වී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තිය හේතුවෙනි. ‘ඔමික්‍රෝන්’ විකෘතිය ද ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ ආදී වශයෙන් තවත් උප විකෘතිවලට බෙදී වෙන් වී ඇත. එයින් ද ආසාදිතයන් රෝහල් ගත කිරීමට ‘බී.ඒ.2’ විකෘතිය සමත් වන බව පැවැසෙයි.
තවමත් ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 82,488,517 කි. මරණ වාර්තා වන්නේ 1,017,093 ක් ලෙසය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd