
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීහු මෝටාර් ප්‍රහාරයක් එල්ල කළහ.
ප්‍රහාරයෙන් හත් දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි. මෝටාර් ප්‍රහාරයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට හානි සිදුවිය.
සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ත්‍රස්ත කණ්ඩායම ලෙස අල් ෂෙබාබ් සැලකෙයි. මොවුන් අප්‍රිකාවේ ක්‍රියාත්මක අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාහාය ලබයි. සෝමාලියාව අප්‍රිකාවට අයත් දේශපාලනික සහ ආර්ථික වශයෙන් අස්ථාවර වුණු රාජ්‍යයකි.
ප්‍රහාරය එල්ල වෙද්දී පහළ මන්ත්‍රී මණ්ඩලය මෙන්ම ඉහළ මන්ත්‍රී මණ්ඩලය ද රැස්වී සිටියේය. ඒ, නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමට දිනයක් තීන්දු කර ගැනීමටය.
මෝටාර් ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් 7 දෙනකු බව ද පැවැසෙයි. ප්‍රහාරය එල්ල වෙද්දී මැති ඇමැතිවරුන් බියෙන් තැති ගත් බව ද සෝමාලි පුවත් සේවා වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd