
‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, රට ලොක්ඩවුන් කර තිබියදී, සෞඛ්‍ය නීති කඩමින් උපන් දින සාදයක් පැවැත්වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් යළිත් වරක් සමාව ඉල්ලුවේය.
සෞඛ්‍ය නීති කඩකිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට බ්‍රිතාන්‍ය පවුම් 50 ක් (ඇමෙරිකන් ඩොලර් 65) ගෙවීමට සිදුවී තිබේ.
ඒ අනුව, ‘කොවිඩ් 19’ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් දඩයක් නියම වී එම දඩය ගෙවූ පළමු බ්‍රිතාන්‍ය දේශපාලනඥයා මෙන්ම අගමැතිවරයා ද වන්නේ බොරිස් ජොන්සන් යැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
2020 වසරේ දී රට ලොක්ඩවුන් කර තිබියදී, සෞඛ්‍ය නීති කඩ කඩ කරමින් අංක 10 ඩවුනින් වීදියේ අග්‍රාමාත්‍ය නිල නිවසේ උපන් දින සාදය පැවැත්වීම, ජනතා විශ්වාසය කඩ කිරීමක් බවත්, ජොන්සන් වහා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් විපක්ෂය වන කම්කරු පක්ෂය දිගින් දිගටට බල කර සිටී.
අග්‍රාමාත්‍ය ජොන්සන් තරයේ පවසා ඇත්තේ, දේශපාලනයේ පවතින අඛණ්ඩතාව දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය බැවින් තමන් ධුරයෙන් ඉවත් නොවන බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය අගමැති යළි සමාව ඉල්ලයි