IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලුහාන්ස්ක් පළාතේ සියයට 80 ක් රුසියන් අතේ

නැගෙනහිර යුක්රේනයේ ‘ඩොන්බාස්’ පළාතේ ලුහාන්ස්ක් නගරය ද අයත් ලුහාන්ස්ක් පළාතේ සියයට 80 ක් රුසියාව විසින් නතු කරගෙන ඇතැයි රුසියන් හිතවාදී ලුහාන්ස්ක් ආණ්ඩුකාර සර්හි හෙයිදායි පවසා තිබේ.

‘ඩොන්බාස්’ පළාතේ ප්‍රධාන නගර දෙක වන්නේ ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක්ය. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් යුක්රේනයෙන් වෙන්වී වෙනම පාලනයක් ඉල්ලයි. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් වෙනම රාජ්‍ය ලෙස පිළිගැනීමට රුසියාව කැමැත්ත පළ කර තිබේ. ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් නගර මෙන්ම පළාත්වල ද සිටින්නේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ය.

රුසියාව පවසා ඇති අන්දමට, රුසියාවේ එක් ප්‍රධාන අරමුණක් වී ඇත්තේ ඩොන්බාස් පළාතේ පාලනය රුසියන් හිතවාදී බෙදුම්වාදීන පැවැරීමය. පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියානු ආක්‍රමණය ආරම්භ වීමට පෙර ලුහාන්ස්ක් පළාතේ සියයට 60 ක ප්‍රදේශයක් යුක්රේන හමුදා පාලනය කළේය. ආක්‍රමණයෙන් පසු යුක්රේන හමුදා පසුබැසීමකට ලක් වී ඇත.

ආණ්ඩුකාර සර්හි හෙයිදායි පැවසුවේ රුසියානුවන් මේ සතියේ නැගෙනහිර සහ දකුණු යුක්රේනයේ ඔවුන්ගේ ප්‍රහාරය අලුත් කළ අතර ලුහාන්ස්ක් පළාතේ ප්‍රහාර ශක්තිමත් කර ඇති බවය. මේ අතර, යුක්රේනය එරට සිටින රුසියානුවන් සහ රුසියන් හිතවාදීන් 500,000 රුසියාවට යැවීමට පියවර ගෙන ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ලුහාන්ස්ක් පළාතේ සියයට 80 ක් රුසියන් අතේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site