
ඉන්දියාවේ දිල්ලි නගරයේ ජහන්ගීර්පූරි ප්‍රදේශයේ පසුගිය දා පැවැත්වුණු ‘හනුමාන් ජයන්ති’ හින්දු ආගමික උත්සවය අතරතුර හින්දු මුස්ලිම් ගැටුමක් හටගත් අතර, එය මේ වනවිට ඔඩුදිවීමට පටන්ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සෙනසුරාදා (16) සවස 6 ට පමණ ජහන්ගීර්පූරි ප්‍රදේශයේ පැවති එම උත්සවය අතරතුර එම උත්සවයට ගල් ප්‍රහාරයක් එල්ල වීනේ දෙපිරිස අතර ගැටුම හටගත්තේය. ගැටුම් උත්සන්න වෙද්දී, කලහකාරී පිරිස් වාහනවලට ගිනි තබන්න වූ බව මාධ්‍ය වාර්තා කළේය. ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතා කුපිත කිරීම් සිදුවුණු බවට පොලිසිය චෝදනා නගයි.
වාර්ෂිකව පැවැත්වෙන ‘හනුමාන් ජයන්ති’ උත්සවයේ පෙරහර කුශාල් සිනමා ශාලාව ආසන්නයට පැමිණෙත්ම දෙපාර්ශවයක් අතර ගැටුමක් ආරම්භ වී ඇති අතර එහිදී ගල් ගැසීම්ද සිදුව ඇති බව දිල්ලි පොලිසිය පවසා තිබේ.
ගල් ප්‍රහාරයත් සමඟ ආරම්භ වූ ගැටුම හේතුවෙන් 9 දෙනකු තුවාල ලබා ඇති අතර, පොලිස් නිලධාරීන් 8 දෙනකු සහ එක් සිවිල් වැසියකු ඒ අතර සිටි බව ඉන්දීය මාධ්‍ය එම අවස්ථාවේදී වාර්තා කළේය.
(එන්.ඩී.ටීවී)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිල්ලියේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිලෙයි