බස්රථ, දුම්රිය සහ ගුවන් යානා ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට ඇමෙරිකන් රජය ගත් නියෝගය නීති විරෝධී යැයි ෆ්ලොරීඩා ප්‍රාන්ත ෆෙඩරල් විනිසුරුවරයකු තීන්දු කර තිබේ.
පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මුහුණු ආවරණ අනිවාර්ය යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ රජය නියෝග කර ඇත්තේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්ය.
‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ අතින් ලොව අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවය. කෙසේ නමුත් එන්නත්කරණ කටයුතු සාර්ථක වීමත්, ‘ඔමික්‍රෝන්’ විකෘතියේ ව්‍යාප්තියත් සමඟ වයිරස ව්‍යාප්තිය පාලනය වී තිබේ.
ඇමෙරිකන් රජයේ නියෝගය නීතිවිරෝධී යැයි ෆෙඩරල් විනිසුරුවරයා තීරණය කර ඇත්තේ ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ද සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව, ෆ්ලොරීඩා වැසියන්ට පොදු ප්‍රවාහන සේවාවලදී ද මුහුණු ආවරණ අවශ්‍ය නොවනු ඇතැයි පැවැසෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පොදු ප්‍රවාහනයේ මාස්ක් අනිවාර්ය කරන්න රජයට බෑ