නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් පළාත අල්ලා ගැනීම වෙනුවෙන් රුසියාව සටන් ආරම්භ කර ඇති බවත්, ඩොන්බාස් පළාත රුසියාවට අයිතිවීමට ඉඩ නොදෙන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.
රුසියන් හිතවාදී, යුක්රේන බෙදුම්වාදීන්ගේ ග්‍රහණයේ පවතින ලුහාන්ස්ක් සහ ඩොනෙස්ක් යන නගර පිහිටා ඇත්තේ ද මෙම ඩොන්බාස් පළාතේය. මෙම නගර සහ ඒවා අයත් ප්‍රදේශ යුක්රේනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යය බවට පත් වීමට කැමැත්ත පළ කර තිබේ. ඒ සඳහා රුසියාවේ ද අනුමැතිය ලැබී ඇත.
‘ඩොන්බාස්’ පළාත අල්ලා ගැනීමට රුසියාව ආරම්භ කළ සටන, රුසියන් යුක්රේන යුද්ධයෛ් දෙවැනි අදියර බව ද යුක්රේන ජනාධිපති සෙලෙස්න්කී පවසා තිබේ.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදා සිටය. එදා සිට පැවැති යුද ගැටුම්වලින් යුක්රේනයේ යටිතල පහසුකම්වලින් තුනෙන් එකක් මුළුමනින්ම විනාශ වී ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබේ.
රුසියානු හමුදා ප්‍රහාරවලින්, යුක්රේනයේ සිවිල් වැසියන් 2,072 දෙනකු මියගොස් ඇති බවත්, 2,818 දෙනකු තුවාල ලබා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. යුක්රේනය පවසා ඇත්තේ මරණ සහ තුවාල ලැබූවන් ගණන තවත් ඉහළ අගයක් ගන්නා බවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඩොන්බාස්’ පළාත වෙනුවෙන් සටන් ඇරැඹේ