
රුසියාවට මායිම්ව පිහිටි යුක්රේනයේ නැගෙනහිර පළාත් රුසියාවට අයිතිවීමට කිසිසේත් ඉඩ නොදෙන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
නැගෙනහිර යුක්රේනයේ රුසියාවට මායිම්ව පිහිටා ඇති පළාත ඩොන්බාස් යනුවෙනි හැඳින්වෙන අතර, ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් යන නගර අයත් ප්‍රදේශ ඇත්තේ ද මෙම ඩොන්බාස් පළාතේය.
ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් රුසියානු හිතවාදී යුක්රේන බෙදුම්වාදීන්ගේ ග්‍රහණයේ පවතී. එම බෙදුම්වාදීන් ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් වෙනුවෙන් වෙනම පාලනයක් ඉල්ලයි.
රුසියාව ද පවසා ඇත්තේ, තමන් ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් පළාත් වෙනම රාජ්‍යයන් ලෙස පිළිගන්නා බවය.
රුසියාවට හිතවත් සිරියාව, වෙනිසියුලාව, නිකර්ගුවා සහ කියුබාව ආදී රටවල් ද ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් යුක්රේනයෙන් වෙන්වූ වෙනම රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව පවසා ඇත.
ලූහාන්ස්ක් සහ ඩොනෙක්ස් ප්‍රාන්තවල බෙදුම්වාදී නායකයන් පවසා ඇත්තේ ඉදිරියේදී රුසියාව සමඟ නිල වශයෙන් එක්වීම සම්බන්ධයෙන් ජනමත විමසුමක් පවත්වන බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd