
විශ්වාසභංගයෙන් පරාජය වූ සැණින්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය කාර්යාලය සහ නිල නිවස බාර දී පිටවී ගියේ යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක් ද උපුටා දක්වමිනි. පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වුණු ඉම්රාන් ඛාන් දිගින් දිගටම කියා සිටියේ තමන් 'අවසන් පන්දුව' තෙක් සටන් කරන බවය. දේශපාලනයට පිවිසීමට පෙර ඉම්රාන් ඛාන් පාකිස්තාන ක්‍රිකට් විරුවෙකි.
විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම ඊයේ (9) පැවැත්විණි. එහිදී ඉම්රාන්ගේ 'තරික් ඊ ඉන්සාෆ්' පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටි නමුත්, විපක්ෂයේ දෝශාභියෝගයට පක්ෂව ද 'තරික් ඊ ඉන්සාෆ්' පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
පාකිස්තාන පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 342 කින් සමන්විත වන අතර, ඉම්රාන් බලයෙන් නෙරපා දැමීමට 172 ක බහුතරයක් අවශ්‍ය වී තිබුණි. ඡන්ද විමසුම පැවැත්වෙද්දී 142 දෙනකුගේ ඡන්ද විශ්වාසභංගයට පක්ෂව මෙන්ම අග්‍රාමාත්‍ය ඉම්රාන්ට විපක්ෂව ලැබුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd