
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.
මේ වනවිටත් යුක්රේන විදේශ ඇමැති දිමිත්‍රෝ කුලේබා සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී අතරේ දුරකතන සංවාද පැවැත්වෙයි. ඒ, යුක්රේන රුසියානු අර්බුදය සහ චීනයේ මැදිහත් වීම සම්බන්ධයෙනි. චීනය ‘කොන්දේසි විරහිතව’ රුසියාවට සහාය දෙනවා යැයි පවසා ඇති අතර, රුසියාව චීනයෙන් ඩ්‍රෝන යානා පවා ඉල්ලා ඇතැයි ඇමෙරිකාව පවසා තිබේ.
කෙසේ නමුත් චීනය දිගින් දිගටම රුසියාවට පවසා ඇත්තේ, යුද්ධය වහා නවත්වන ලෙසටය.
රුසියාව මෙන්ම චීනය ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවද්දී, එම සම්බාධකවලින් බේරීමට රුසියාවට සිටින විදෙස් බලවතා චීනයයි.
රුසියන් යුක්රේන අර්බුදයේ දී චීනයේ සහාය ලබා ගැනීමට යුක්රේනය උත්සාහ ගන්නේ මේ නිසාය. කෙසේ නමුත් චීනය දිගින් දිගටම පවසා ඇත්තේ තමන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd