
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම අද (9) උදෑසන 10 ට පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසුම පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුවය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයක් පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළේ පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ‘ජනතා පක්ෂය’ ප්‍රමුඛ විපක්ෂ සන්ධානයයි. ඊට හේතු වූයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිව යුතු බව පෙන්වා දෙමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ලෙසත්, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටින ලෙසත් ඉම්රාන් සහෝදර මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.
කෙසේ නමුත් ඉම්රාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ, තමන් ඉම්රාන් ඛාන්ට එරෙහිව ඡන්දය ලබා දෙන බවය. ඒ අනුව මේ වනවිටත් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජයට පත් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd