
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම අද (9) උදෑසන 10 ට පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසුම පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුවය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයක් පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළේ පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ‘ජනතා පක්ෂය’ ප්‍රමුඛ විපක්ෂ සන්ධානයයි. ඊට හේතු වූයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිව යුතු බව පෙන්වා දෙමිනි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ලෙසත්, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටින ලෙසත් ඉම්රාන් සහෝදර මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.
කෙසේ නමුත් ඉම්රාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ, තමන් ඉම්රාන් ඛාන්ට එරෙහිව ඡන්දය ලබා දෙන බවය. ඒ අනුව මේ වනවිටත් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජයට පත් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන්ට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසුම අද