IMG-LOGO

මැක්රොන්ට අභියෝග රැසක්

ප්‍රංශ ජනාධිපතිවරණය ඇරැඹිණි. ප්‍රංශ ජනාධිපතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර, අද (10) ආරම්භ වූයේ පළමු අදියරය. දෙවැනි අදියර පැවැත්වෙනු ඇත්තේ ලබන 24 වැනිදාය.

දිගටම ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා කරන 44 හැවිරිදි මැක්රොන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ, මධ්‍යස්ථමතධාරී රිපබ්ලිකන් පක්ෂය මෙහෙයවමිනි. මැක්රොන් ප්‍රංශ ජනාධිපති ධුරයට පත් වූයේ 2017 ජනාධිපතිවරණය ජය ගනිමිනි.

2017 වසරේ දී මැක්රොන්ට අභියෝගයක් වීමට සමත් වූ අන්ත දක්ෂිණාංශික දේශපාලඥ ප්‍රංශ ජාතික පක්ෂයේ නායිකා මරීන් ලා පෙන්, මෙවර ද මැක්රොන්ට අභියෝගයක් වී සිටින්නීය.

දේශපාලන විශ්ලේෂකයන් පවසා ඇත්තේ මැක්රොන් සහ 53 හැවිරිදි ලා පෙන් අතරේ තියුණු සටනක් පනතිනු ඇති බවය. ජනාධිපතිවරණයේ දී අනෙක් ප්‍රබල අපේක්ෂකයා වී ඇත්තේ අන්තවාමාංෂික දේශපාලනඥ විප්ලපීය පක්ෂයට නායකත්වය දෙන 70 හැවිරිදි ජෝන් ලූක් මෙලෙන්කොන්ය. ‍

ප්‍රංශ වැසියන් මිලියන 49 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, මැක්රොන්, ලා පෙන් සහ මෙලෙන්කොන් ද ඇතුළුව අපේක්ෂකයෝ 12 දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ. 24 වැනිදා දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇත්තේ පළමු වටයෙන් වැඩිම ඡන්ද හිමි කර ගන්නා අපේක්ෂකයන් දෙදෙනාය.

'කොවිඩ් 19' වසංගතයෙන් ප්‍රංශය ද දැඩි ලෙස පීඩාවට පත් විය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් ප්‍රමුඛ රජය, 'කොවිඩ් 19' එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ගත් තීරණය මැක්රොන්ගේ ජනප්‍රියත්වයට බාධාවක් ද විය. මේ වනවිට ප්‍රංශයේ ආර්ථිකයට ද බලපෑම් එල්ල වී ඇති අතර, ඊට පැහැදිලි විසඳුම් ලබා දීමට ප්‍රංශ ජනාධිපතිවරයා සමත් වී නැතැයි දේශපාලන විශ්ලේෂකයෝ චෝදනා නගති.

කෙසේ නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් යුක්රේනයට සහාය දක්වමින් රුසියාව සහ යුක්රේනය අතරේ සාමය ඇති කිරීමට මැදිහත් වීමත් හේතුවෙන් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ ජනප්‍රියත්වය යම්තාක් දුරකට ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.

පසුගිය දිනවල පැවැති ජන රැලි බොහොමයකට මැක්රොන් සහභාගී වූයේ නැත. ඊට හේතුව ඔහු රුසියන් යුක්රේන අර්බුදය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීම නිසාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මැක්රොන්ට අභියෝග රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site