
තම අත්අඩංගුවේ පසුවන රුසියන් හිතවාදි දේශපාලනඥයකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු ලෙස ද සැලකෙන වික්තර් මෙද්වේචොක් බාර ගෙන, රුසියන් හමුදා අත්අඩංගුවේ පසුවන යුක්රේන තරුණ තරුණියන් නිදහස් කරන්නැයි යුක්රේන රජය රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ.
රුසියන් හිතවාදියකු වූ බැවින් වික්තර් මෙද්වේචොක් ට යුක්රේන රජය දේශද්‍රෝහී චෝදනා එල්ල කර තිපුණි. පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන තුරු කිව් අගනුවර නිවාස අඩස්සියේ රඳවා තැබුණි.
කෙසේ නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණයත් සමඟ, වික්තර් මෙද්වේචොක් නිවාස අඩස්සියෙන් බේරී පලා ගිය අතර, දැන් යළිත් වරක් යුක්රේනයේ SBU ආරක්ෂක අංශය ඔහු අල්ලා ගැනීමට සමත් වී ඇත.
ක්රේන හමුදා ඇඳුමින් සැරැසී, මාංචු දමා සිටින වික්තර් මෙද්වේචොක්ගේ ඡායාරූප රුසියානු හමුදාවටත් බටහිර හිතවාදී විදෙස් මාධ්‍යවලටත් ලබා දීමටත් SBU ආරක්ෂක අංශය කටයුතු කර තිබේ.
67 හැවිරිදි වික්තර් මෙද්වේචොක් බාරගෙන, ඒ වෙනුවට රුසියන් හමුදා අත්අඩංගුවේ පසුවන යුක්රේන තරුණ තරුණියන් නිදහස් කරන්නැයි ඒ සමඟ යුක්රේන රජය රුසියාවට දැනුම් දී ඇත.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙයා අරන් අපේ අය නිදහස් කරන්න!