
තම අත්අඩංගුවේ පසුවන රුසියන් හිතවාදි දේශපාලනඥයකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතමයකු ලෙස ද සැලකෙන වික්තර් මෙද්වේචොක් බාර ගෙන, රුසියන් හමුදා අත්අඩංගුවේ පසුවන යුක්රේන තරුණ තරුණියන් නිදහස් කරන්නැයි යුක්රේන රජය රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ.
රුසියන් හිතවාදියකු වූ බැවින් වික්තර් මෙද්වේචොක් ට යුක්රේන රජය දේශද්‍රෝහී චෝදනා එල්ල කර තිපුණි. පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන තුරු කිව් අගනුවර නිවාස අඩස්සියේ රඳවා තැබුණි.
කෙසේ නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණයත් සමඟ, වික්තර් මෙද්වේචොක් නිවාස අඩස්සියෙන් බේරී පලා ගිය අතර, දැන් යළිත් වරක් යුක්රේනයේ SBU ආරක්ෂක අංශය ඔහු අල්ලා ගැනීමට සමත් වී ඇත.
ක්රේන හමුදා ඇඳුමින් සැරැසී, මාංචු දමා සිටින වික්තර් මෙද්වේචොක්ගේ ඡායාරූප රුසියානු හමුදාවටත් බටහිර හිතවාදී විදෙස් මාධ්‍යවලටත් ලබා දීමටත් SBU ආරක්ෂක අංශය කටයුතු කර තිබේ.
67 හැවිරිදි වික්තර් මෙද්වේචොක් බාරගෙන, ඒ වෙනුවට රුසියන් හමුදා අත්අඩංගුවේ පසුවන යුක්රේන තරුණ තරුණියන් නිදහස් කරන්නැයි ඒ සමඟ යුක්රේන රජය රුසියාවට දැනුම් දී ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd