
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපා දැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්විණි.
එහිදී, යෝජනාවට පක්ෂව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 93 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, රටවල් 24 ක් රුසියාවට පක්ෂව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 58 ක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව නෙරපා දැමීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සූදානම් වෙයි. ඇමෙරිකාව මෙම යෝජනාව ගෙන ආවේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය හේතුවෙනි.
මේ අතර රුසියාව පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කිරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ගන්නා උත්සාහය නීතිවිරෝධී බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd