
විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමුණි.
විපක්ෂ සන්ධානය එක් වී ඉම්රාන් ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තිබුණේ රටේ පවතින ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට ඉම්රාන්ගේ ආර්ථික ප්‍රතිපත්ති හේතු වූ බවත් එම අර්බුදයට ඔහු වගකිවයුතු බවත් චෝදනා නගමිනි.
විවිධ බාධක සහ ප්‍රමාදවීම්වලින් පසු විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වුණු අතර, එයින් පාර්ලිමේන්තුවේ බහුතරය ද අහිමි වී සිටි ඉම්රාන් එයින් පරාජයට පත් විය.
ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජය වූ බව සහ ඔහුට ධුරය අහිමි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කරනු ලැබ තිබේ.
තමා ධුරයෙන් නෙරපා දැමීමට විපක්ෂ සන්ධානය කුමන්ත්‍රණය කළේ ඇමෙරිකාව සමග හවුලේ බව ඉම්රාන් තරයේ පවසයි. කෙසේ නමුත් ඒ බව ඔප්පු කිරීමට ඔහු කිසිදු ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කර නැත.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයකුට සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ ලැබී නැත. ඒ අවස්ථා ගණනාවකදී එරට ප්‍රබල හමුදාව බලය අත්පත් කර ගත් බැවිනි.
විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපා දැමුණු පළමු අග්‍රාමාත්‍යවරයා වන්නේ හිටපු ක්‍රිකට් විරුවකු ද වන ඉම්රාන් ඛාන්ය.
පාකිස්තාන පාර්ලිමේන්තුව හෙවත් ජාතික සභාව නව අගමැතිවරයෙකු පත් කර ගැනීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විරුවන්ට හොඳ ආදර්ශයක් ගන්න පුලුවන්. පාකිස්ථානයේ අධිකරණය කොතරම් ජනතාවාදී සහ බලවත්ද?
පකිස්තානයේ බලතල තියෙන්නෙ අගමැතිවරයාට ලංකාවෙ තියෙන්නෙ ජනාධිපතිවරයාට පකිස්තානයේ අගමැතිවරයාට වෙච්ච දෙය ලංකාවෙ ජනාධිපතිවරයාට ඉතාමත් ඉක්මනින් සිදුවේවා !!!!
කොතරම් රටට ආදරය කලත් මේ පෝඩාතන්තරවාදය නමි….
පකිස්තානෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
ඉම්රාන් අවංකව වැඩ කළා. ඔහු දුෂිතයින්ටද ලිහිල්ව සැලකුවේ නැත. අසල වැසියන් සමග මනා සම්බන්ධතාවයෙන් ද සිටියා. ඒත් ආර්ථික ප්‍රශ්න උපයෝගී කරගෙන විරුද්ධවාදීන් ජය ගෙන ඇත. ආණ්ඩු කරණයේදී මනා කළමනාකරණ තීරණ ගැනීම අතිශයින් වැදගත්ය.