IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉම්රාන්ට එරෙහි ඡන්ද විමසුම යළිත්

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම හෙට (9) උදෑසන 10 ට පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසුම පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුවය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයක් පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළේ පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන ‘ජනතා පක්ෂය’ ප්‍රමුඛ විපක්ෂ සන්ධානයයි. ඊට හේතු වූයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිව යුතු බව පෙන්වා දෙමිනි.

විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට අදාල ඡන්ද විමසුම පැවැත්වීමට සූදානම් වෙද්දී, නියෝජ්‍ය කතානායක කියා සිටියේ විශ්වාසභංගය පාකිස්තාන ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය අවලංගු කරන බවය.

ඒ අනුව, විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය අතර, ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) නියෝග කළේ විශ්වාසභංග යෝජනාවලියට අදාල ඡන්ද විමසුම වහා පවත්වන ලෙසය. ඒ අනුව, ඡන්ද විමසුම හෙට (9) පැවැත්වෙනු ඇත. විශ්වාසභංග ව්‍යවස්ථාවට පටහැනි යැයි කීම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු ද ඉම්රාන්ට විරෝධය පළ කරමින් විපක්ෂයට සහාය දැක්වීය. ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියේ විපක්ෂයේ විශ්වාසභංගයේදී තමන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ලබා දෙන බවය.

ඊට අමතරව, අග්‍රාමාත්‍ය ඉම්රාන් පිහිටවූ සභාග රජයට හවුල් ප්‍රධාන පක්ෂ දෙකක් ද ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයෙන් ඉවත් විය. ඒ අනුව, මේ වනවිට ඉම්රාන්ට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති අතර විශ්වාසභංගයෙන් ඔහු පරාජය වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන්ට එරෙහි ඡන්ද විමසුම යළිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site