
ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු පුරප්පාඩු වූ අගමැති ධුරය සඳහා ඉල්ලුම් කිරීමට විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් පියවර ගෙන තිබේ. ෂෙහ්බාස් ෂරීෆ් ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයාය.
70 හැවිරිදි ෂෙහ්බාස් ෂරීෆ්, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය. පාකිස්තාන ජනතාව අතරේ ‘හොඳ නමක්‘ දිනූ දක්ෂ පරිපාලකයකු ලෙස ෂෙහ්බාස් ෂරීෆ් සැලකෙයි.
නවාස් ෂරීෆ් මෙන් නොව ෂෙහ්බාස් ෂරීෆ්, පාකිස්තානයේ ප්‍රබල හමුදාව සමඟ ද සුහඳව කටයුතු කරන තැනැත්තෙකු බව ද පැවැසෙයි. කෝටි 22 ක ජනගහනයක් වෙසෙන පාකිස්තානයේ දෙස් විදෙස් ප්‍රතිපත්ති මෙන්ම ආරක්ෂක ප්‍රතිපත්ති ද පාලනය සිදුවන්නේ හමුදාව යටතේය.
2023 වසරේ යළි මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය ෂෙහ්බාස් ෂරීෆ් ට හිමිවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
ෂෙහ්බාස් ෂරීෆ් පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමැති ධුරය හොබවා තිබේ. චීනය සමඟ ද යහපත් සබඳතා පවත්වන ෂෙබාස් ෂරීෆ්, චීනය පාකිස්තානයේ සංවර්ධන කටයුතුවලට සහාය ලබා දී තිබේ.
ෂෙහ්බාස් 1999 දී පාකිස්තානයේ හමුදා කුමන්ත්‍රණයකින් පසු සිරගත දඩුවම් විඳි අතර පසුව සෞදි අරාබියට පිටුවහල් කෙරුණි.
ෂෙහ්බාස් ෂරීෆ් 2007 දී නැවත පාකිස්තානයට පැමිණියේය. පැනමා පත්‍රිකා හෙළිදරව් කිරීම්වලට අනුව, වත්කම් සඟවා ගැනීමේ චෝදනාව මත නවාස් ෂරීෆ් 2017 දී වරදකරු වෙද්දී ෂෙහ්බාස් පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් නායකයා බවට පත් වෙමින් දේශපාලන වේදිකාවට පිවිසියේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd