IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


න්‍යෂ්ටික අවි අත්හදා බැලීමකට සැරැසෙනවා

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීමකට සූදානම් වෙනවා යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට, උතුරු කොරියාව ලබන සතියේ අප්‍රේල් 15 වැනිදා මෙම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදු කරනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, දකුණු කොරියාවේත් චීනයේත් සහාය ලබාගෙන උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා කළේය. එහිදී න්‍යෂ්ටික අවිහරණයකට නායක කිම් ජොන් උන් කැමැති වුණු නමුත් ඇමෙරිකාව අපේක්ෂා කළ අන්දමට කිසිදු ප්‍රගතියක් ලැබුණේ නැත. ඒ අනුව, දෙරට අතරේ සාකච්ඡා බිඳ වැටුණි.

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ආරම්භ කළේ 2006 වසරේදීය. අවසන් වරට න්‍යෂ්ටික අවි අත්හදා බැලීමක් කළේ 2017 වසරේදීය.

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ සාකච්ඡා පැවැත්වීමට උත්සාහ කළත්, එම සාකච්ඡා ආසාර්ථක වූ බවය.

(රොයිටර්)



අදහස් (0)

න්‍යෂ්ටික අවි අත්හදා බැලීමකට සැරැසෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site