IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නිව්යෝක් නුවර වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පළාතේ උමං දුම්රිය ස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 13 දෙනෙක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මාධ්‍ය වාර්තා අනුව, වෙඩි තැබිම සිදුවූ බව පැවැසෙන්නේ සන්සෙට් පාක් 36 ස්ට්‍රීට් ස්ටේෂන් උමං දුම්රිය ස්ථානයේය. වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 8.30 ට පමණය. වෙඩි තැබීමේ සිද්ධියත් සමඟ මහත් කලබලයක් ද හටගත්තේය.

නිව්යෝක් පොලිසිය ජනතාව දැනුවත් කළේ උමං දුම්රිය ගමන් බිමන් වහා නවත්වන ලෙසත්, සන්සෙට් පාක් 36 ස්ට්‍රීට් ස්ටේෂන් උමං දුම්රිය ස්ථානයට යෑමෙන් වළකින ලෙසත්ය. වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ දුම්රිය ගමන් තාවකාලිකව අඩපණ වූ බව ද පැවැසෙයි.

වෙඩි තැබීම කළ සැකකරු බෝම්බයක් ද පුපුරුවා හැර ඇති බවත්, එය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යැයි තමන් සැක කරන බවත් නිව්යෝක් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නිව්යෝක් පුරපති එරික් ඇඩම්ස් දුරකතනයෙන් අමතා සිද්ධිය ගැන විමසා බැලූ බව ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

නිව්යෝක් නුවර වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site