
බොලිවුඩ් රිදී තිරයේ මෙන්ම සැබෑ ජීවිතයේ ද පෙම්වතුන් වූ ආලියා බාත් සහ රන්බීර් කපූර්ගේ මංගල උත්සවය අද (14) ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්විණි.
විවාහ මංගල උත්සවය පැවැත්වූයේ මුම්බායි නුවර ආලියා සහ රන්බීර් පදිංචිවී සිටින ඔවුන්ගේ නවාතැන අයත් ගොඩනැගිල්ලේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා තිබේ.
යුවළගේ පවුල්වල සාමාජිකයන් පමණක් මංගල උත්සවයට සහභාගී වූ බව ද පැවැසෙයි.
යුවළ විවාහ වූ බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කිරීමත් සමග ඔවුන්ට ආදරේ කරන රසික රසිකාවියන් මෙන්ම සෙසු බොලිවුඩ් නළි නිළියන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු බොලිවුඩ් සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝ දෙනකු සුබ පතා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd