
පාකිස්තානයේ 23 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් දිවුරුම් දෙද්දී ධුරයෙන් නෙරපා දැමුණු ඉම්රාන් ඛාන් කියා සිටියේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවය.
ඉම්රාන් ඛාන් මෙසේ කියා සිටියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.
'අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සා කවුරුදැයි තීරණය කළ යුත්තේ ජනතාව. ජනතාවට නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අවශ්‍යයි. කඩිනමින් අවශ්‍යයි' යැයි ඉම්රාන් ඛාන් පෙන්වා දී තිබේ.
ඉම්රාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ පසුගිය 9 වැනිදා, ඔහුට විරුද්ධය විපක්ෂය ගෙනා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය විමසූ අවස්ථාවේදීය.
එම අවස්ථාවේ ඉම්රාන් පාර්ලිමේන්තුවේ නොසිටි අතර, විශ්වාසභංගයෙන් පරාජය වූ සැණින් අගමැති කාර්යාලය සහ අගමැති නිල නිවස බාර දී වහා පිටවී ගියේය.
ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු හෙට (13) ඉම්රාන් ඛාන්, සිය 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයේ සාමාජිකයන් ද සමඟ පෙෂාවෝර් නුවර ජන රැලියක් ද සංවිධානය කර තිබේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ් බලයට පත් වූයේ පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයකිනි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කඩිනමින් මැතිවරණයක් ඕනෑ