චීනය සමඟ සාකච්ඡා කරන්න ඇමෙරිකන් රාජ්‍ය ලේකම් සූදානම් රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් චීනය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම තමන් සූදානම් යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අන්තනි බ්ලින්කන් පවසයි. 02 February 2023
පාකිස්තානයේ බෝට්ටුවක් පෙරැළී 51 ක් මරුට වයඹ දිග පාකිස්තානයේ පෙෂාවෝර් නුවර ජලාශයක් නැරැමීමට ගිය පාසල් දරුවන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරැළීමෙන් 51 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 01 February 2023
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් පලස්තීන ජනාධිපති හමුවෙයි මැදපෙරදිග රටවල නිල සංචාරයක යෙදෙන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පලස්තීන පාලනයේ පවතින බටහිර ඉවුරේ රාමල්ලා නුවරට පැමිණ පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් හමුවිය. 01 February 2023
පාප්තුමෝ කොංගෝවේ දෙදින සංචාරයක් අරඹති දෙදින සංචාරයක් ආරම්භ කරමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ කොංගෝ ජනරජය බලා පැමිණියහ. 86 හැවිරිදි පාප්තුමන් උණුසුම් ලෙස පිළිගැනීමට කොංගෝ ජනාධිපති ෆීල්ක්ස් ෂිසෙන්ඩී ප්රමුඛ රජය කටයුතු කළේය. 01 February 2023
වල්ගා තරුව පෘථිවිය අසලට පැමිණෙයි තාරකා විද්‍යාඥයන්, ‘සී/2022ඊ3’ යනුවෙන් නම් කළ වල්ගා තරුව අද (1) සහ හෙට (2) පෘථිවිය අසලට පැමිණියේය. රාත්‍රී අහස පැහැදිලි නම්, කොළ පැහැති ආලෝකයක් විහිදුවන මෙම වල්ගාතරුව පහසුවෙන් දැක ගැනීමට හැකි බව නාසා විද්‍යාඥයන් කල් කියා පැවැසීමත් සමඟ වල්ගා තරුව දැක ගැනීමමට ලොකු කුඩා කවුරුත් උනන්දු විය. 01 February 2023
හැංගිමුත්තන් කළ දරුවා මැලේසියාවෙන් හමුවෙයි බංග්ලාදේශයේ චිතගොං වරායේ, මිතුරන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටිද්දී අතුරුදන් වුණු ගැටවරයෙකු දින 6 කට පසු මැලේසියාවෙන් හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 31 January 2023
ෆ්ලොරීඩා නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා නුවර සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. 31 January 2023
‘කොවිඞ් 19’ අවදානම පහව ගිහින් නෑ ‘කොවිඞ් 19’ අවදානම තවමත් පහව ගොස් නොමැති බවත්, ‘කොවිඞ් 19’ වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. 31 January 2023
ජොන්සන්ට ජනපති පුටින් තර්ජනය කරලා රුසියන් යුක්රේන යුද්ධයේ දී, අවි ආයුධ සහ මූල්‍ය සහාය ලබා දෙමින් බ්‍රිතාන්‍යය යුක්රේනයට සහාය දැක්වීමට තීරණය කළ අවස්ථාවේදී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට දුරකතන ඇමතුමක් දී මරණ තර්ජන එල්ල කළ බව බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. 31 January 2023
පාකිස්තාන පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් පාකිස්තානයේ පෙෂාවොර් නුවර, පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 January 2023
දකුණු අප්‍රිකාවේ උපන්දින සාදයකට වෙඩි ප්‍රහාරයක් දකුණු අප්‍රිකාවේ කෙබෙර්හා වරාය නගරයේ, නිවසක උපන්දින සාදයක් පැවැත්වෙද්දී, ඊට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීම්වලින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තිදෙනෙක් තුවාල ලැබූහ. 30 January 2023
ඉම්රාන් ඛාන් හුදෙකලා සටනක ආසන 33 ක් වෙනුවෙන් පාකිස්තානයේ අතුරු මැතිවරණයක් පැවැත්වෙන බවත්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම ආසන 33 වෙනුවෙන් තනිවම සටන් වදිනු ඇති බවත් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පවසා තිබේ. 30 January 2023
රුසියානු රෝහලකට යුක්රේන මිසයිල ප්‍රහාරයක් යුක්රේනයට අයත්, රුසියන් පාලනයේ පවතින නොවොයිදර් පළාතේ රුසියන් රෝහලකට යුක්රේනය මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. රුසියන් හමුදාව චෝදනා කරන්නේ, යුක්රේන හමුදාව බටහිරින් ලැබුණු මිසයිල යොදා ගනිමින් රෝහලට හිතාමතා පහර දුන් බවය. 30 January 2023
ඉන්දීය සෞඛ්‍ය ඇමැතිට පොලිසිය වෙඩි තියලා ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියකු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. 30 January 2023
ෂාරුක්ගේ Pathaan වාර්තා අතරට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ Pathaan චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කරමින් ඉන්දීය රුපියල් කෝටි 313 සීමාව පසු කර ඇත. 29 January 2023
ඇමෙරිකාවත් චීනයත් අතර යුද්ධයක් වසර 2025 දී අමෙරිකාව සහ චීනය අතර යුද්ධයක් හටගනු ඇතැයි අමෙරිකානු ගුවන් හමුදා ජෙනරාල්වරයෙකු වන ජෙනරාල් මයික් මිනිහන් අනතුරු අගවා තිබේ. 29 January 2023
ඇෆ්ගන් සිසුවියන්ට විභාගයට පෙනී සිටීමට අවසර ඇෆ්ගනිස්තාන සිසුවියන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීමට අවසර නොදෙන ලෙස දන්වමින් එරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝගයක් නිකුත් කර ඇත. 29 January 2023
ජනපති සොලී මාලදිවයින් ජනපතිවරණ සටනට පැවැත්වීමට නියමිත මාලදිවයින ජනාධිපතිවරණය සඳහා එරට ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂකයා බවට වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් සොලී පත්ව ඇතැයි වාර්තා වේ. 29 January 2023
ඉරාන දේශසීමාවේ භූමි කම්පාවක් තුර්කි ඉරාන දේශසීමාවේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාව සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් ලෙසය. භූමි කම්පාවෙන් සිවු දෙනකු මියගිය බවත් 122 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. 29 January 2023
කළු තරුණයෙක් පොලිස් ප්‍රහාරයකින් මරුට ඇමෙරිකන් පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරදීමට ලක් වී මියගිය 29 හැවිරිදි ටයිලර් නිකලස් නමැති කළු ජාතික තරුණයා ජීවිතක්ෂයට පත්විය. 29 January 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට ඇමෙරිකාවේ, කැලිෆෝනියා ජනපදයේ, ලොස් ඇන්ජලීස් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 29 January 2023
පාකිස්තානයේ අබිරහස් රෝහයක් පැතිරෙනවා පාකිස්තානයේ කරච්චි නුවර, අබිරහස් රෝගයන් පැතිරෙන බවත්, මේවනවිට 18 දෙනකු එම රෝගයෙන් මියගොස් ඇති බවත් එරට මාධ්‍ය පවසයි. මියගිය 18 දෙනාගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බව ද වාර්තා වේ. 28 January 2023
කිම් ජොන් උන් නැගණිය ඇමෙරිකාවට දෙහි කපයි උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ දෙවැනියා ලෙස සැලකෙන, ඔහුගේ නැගණිය කිම් යෝ ජොන් ඇමෙරිකාවට දොස් නැගුවාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව යුක්රේන හමුදාවට යුද ටැංකි ලබා දීම සම්බන්ධයෙනි. 28 January 2023
ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා දෙකක් අනතුරේ ඉන්දීය ගුවන් හමුදාවට අයත්, ‘සුකෝයි එස්.යූ. 30’ සහ ‘මිරාජ් 2000’ වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක්, පුහුණු මෙහෙයුමක් අතරතුරේ එකිනෙක හැපී අනතුරට ලක්විණි. 28 January 2023
ඕක්ලන්ඩ් නුවර ජලයෙන් යටවෙයි නොකඩවා මහ වැසි ඇද හැලීමත් සමඟ නවසීලන්තයේ ඔ්ක්ලන්ඩ් නුවර ජලයෙන් යටවිය. නවසීලන්තයේ විශාලතම නගරය ලෙස සැලකෙන්නේ ඕක්ලන්ඩ්ය. 28 January 2023
රුසියාවට එරෙහිව සටනක් නෑ දිග්නි දිගටම යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දුන්නත් ප්‍රංශය හෝ පඦංශයේ මිතුරන් වන සෙසු බටහිර රටවල් කිසිම අවස්ථාවක රුසියාවට එරෙහිව යුද වදින්නේ නැතැයි ප්‍රංශය අවධාරණය කර ඇත. 27 January 2023
අබිරහස් සර්පිලාකාර වස්තුවක් හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. 27 January 2023
ඇමෙරිකන් ප්‍රහාරයකින් අයි.එස්. නායකයෙක් මරුට උතුරු සෝමාලියාවේ සිදු කළ විශේෂ හමුදා මෙහෙයුමකදී ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන බිලාල් අල් සුඩානි ඝාතනය කළ බව ඇමෙරිකාව පැවැසීය. 27 January 2023
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි මීට සතියකට පෙර, ආධුනික තාරකා විද්‍යාඥයකු පළමු වරට සොයාගත් ‘2023 බීයූ’ නමැති ග්රහකය අද (27) අලුයම පෘථිවිය අසලින් ගමන් කළේය. 27 January 2023
ලංකාවට ඇවිත් ගිය හිටපු එෆ්.බී.අයි ලොක්කා අත්අඩංගුවට හිටපු එෆ්.බී.අයි ඉහළ නිලධාරියකු වූ චාල්ස් මැක්ගොනිගල් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සංචාරයක් අවසන් කර නැවත ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේ එෆ්.බී.අයි නිව් යෝර්ක් ක්ෂේත්‍ර කාර්යාලය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 27 January 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026