පුංචි මල්ලි රැකගත් අක්කාගේ ආදරේ තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් විපතට පත් වී, බිමට සමතලා වුණු නිවාසවල සුන්බුන් අතරේ සිරවුණු දරු දැරියන් මුදා ගන්නා හද කම්පා කරවන දසුන් විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ. 09 February 2023
යුක්රේන ජනපති සෙලෙන්ස්කී ප්‍රංශයේ බ්‍රිතාන්‍ය සංචාරය අවසන් කළ සැණින්, සෙලෙන්ස්කී සිය ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිවරාගෙන ප්‍රංශයේ පැරිස් අගනුවර බලා ගියේය. 09 February 2023
ප්‍රංශ විකට සඟරාවට භූමි කම්පාවත් විහිළුවක් මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ගැන නිරන්තරයෙන් කරුණු දක්වමින්, ඉස්ලාම් දහමට සහ කුරාණයට අපහාස වන අයුරින් විකට කාටූන් පළ කරන ප්‍රංශයේ ‘චාර්ලි හෙබ්දෝ’ සඟරාවට දොස් අහන්න සිදුවී තිබේ. 09 February 2023
හානිය බලන්න ගිය තුර්කි ජනපතිට දොස් භූමි කම්පාවෙන් හානි වූ තුර්කි නගරවල සංචාරය කරමින්, විපතට පත්වූවන් ගැන සොයා බැලූ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට දෝෂාරෝපණ එල්ල විය. 09 February 2023
යුක්රේන ජනපති සෙලෙන්ස්කී ලන්ඩනයේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පැමිණියේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගෙන් සෙලෙන්ස්කීට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 09 February 2023
මවකට දරු සම්පතක් භූ කම්පනය මැද භූමි කම්පාවෙන් බිමට සමතලා වූ නිවසක සුන්බුන් අතරින්, පණ පිටින් සිටි අලුත උපන් බිලිඳියක සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය. 08 February 2023
ඉන්දියාවටත් ජපානයටත් බැලූන් යවන්න සැලැසුම් කරලා ඉන්දියාව, ජපානය ඇතුළු ඇමෙරිකන් හිතවාදී රටවල් රැසක ඔත්තු බැලීමේ බැලූන යැවීමට චීනය සූදානමින් සිටි බව ඇමෙරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම් වෙන්ඩි ෂර්මන් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 08 February 2023
තුර්කි-සිරියාවේ පසුකම්පන 120 ක් ප්‍රධාන භූමි කම්පාවලින් පසු තුර්කිය සහ සිරියාව අතුරු භූ කම්පන 120 කින් කැලැඹී ගොස් ඇතැයි භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. අවසන් වරට රික්ටර් පරිමාණයේ ඒකක 5.5 ක ප්‍රබලත්වයක් සටහන් කළ අතුරු භූ කම්පනයකින් කැලැඹුණු බව ද පැවැසෙයි. 08 February 2023
බයිඩන් කොංග්රස් මණ්ඩලය අමතයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය ආමන්ත්‍රණය කළේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු බයිඩන් එරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ දෙවැනි අවස්ථාව මෙයයි. 08 February 2023
බැලූනයේ සුන්බුන් චීනයට දෙන්නේ නෑ තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින්, ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ චීන බැලූනයේ සුන්බුන් යළි චීනයට ලබා නොදෙන බව ඇමෙරිකාව පවසයි. 07 February 2023
තුර්කියට භූමි කම්පා වැලක් තුර්කියේ පැය 24 ක් තුළ සිදු වූ හතරවෙනි භූමි කම්පාව අද(07) උදෑසන වාර්තා වී ඇත.හතරවෙනි භූමි කම්පාව රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබලත්වයක් ගෙන ඇත.හතරවෙනි භූමි කම්පාව මධ්‍යම තුර්කියේ හටගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. 07 February 2023
දකුණු කොරියාවෙන් තුර්කියට වෛද්‍ය ආධාර භූමි කම්පාවෙන් විපතට පත්වුණු වැසියන්ට, වෛද්‍ය ආධාර යැවීමට පියවර ගන්නා බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් පවසා තිබේ. 07 February 2023
චීන ජනපති සොව පළ කරයි ප්‍රබල භූමිකම්පා සහ අතුරු භූමිකම්පාවලින් සිදුවුණු විනාශය දැකීමෙන් තමන් මහත් සේ කම්පාවට පත් වුණු බව, තුර්කි සහ සිරියානු වැසියන් වෙනුවෙන් සොව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ. 07 February 2023
යුක්රේනයේ සහායත් තුර්කියට රුසියන් ආක්‍රමණයකට මුහුණ දෙන යුක්රේනය ද පවසා ඇත්තේ භූමි කම්පාවෙන් විපතට පත්වුණු තුර්කි වැසියන්ට සහාය දීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් පිටත්කර හැරියේය. 07 February 2023
බ්‍රිතාන්‍ය දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් තුර්කියට භූමි කම්පාවෙන් විපතට පත්වුණු තුර්කි වැසියන් ගැන සොව පළ කරමින්, අත්දැකීම් බහුල විශේෂඥයන්ගෙන් සමන්විත දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් කඩිනමින් තුර්කියට පිටත් කර හැරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පියවර ගෙන තිබේ. 07 February 2023
භූමි කම්පාවකින් තුර්කිය කැලැඹේ: මරණ ගණන ඉහළට රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් වාර්තා කළ භූමි කම්පාවකින් සහ අතුරු පසු කම්පන මාලාවකින් තුර්කිය කැලැඹිණි. මාධ්‍ය වාර්තා කළේ 17 දෙනකු මියගිය බවය. තුවාල ලැබූ ගණන 100 ඉක්මවා ඇතැයි ද පැවැසිණි. 06 February 2023
කොලොම්බියාවට ඉහළින් අහසේත් රහස් බැලූනයක් ඇමෙරිකාවට ඉහළින් පාවෙමින් ඔත්තු බැලූ චීනයට අයත් බැලූනය පහර දී විනාශ කිරීමෙන් පසු ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාව පැවැසුවේ තම ගුවන් සීමව හරහා ද බැලූනයක් පාවෙමින් ඇති බවය. 06 February 2023
බ්ලින්කන්ගේ චීන සංචාරය අවලංගු කෙරේ බැලූනය සම්බන්ධයෙන් හටගත් නව අර්බුදය මුල්කොට ගනිමින්, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, චීනයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය අවලංගු කළ බව ධවල මන්දිරය නිවේදනය කළේය. 05 February 2023
ඇමෙරිකාවට ආ බැලූනය තමන්ගේ බව චීනය පිළිගනී උතුරු ඇමෙරිකා ගුවන් සීමාවට ඇතුළු වූයේ, චීන හමුදාවට අයත් ඔත්තු නිරීක්ෂණ බැලූනයක් යැයි ඇමෙරිකාව එල්ල කළ චෝදනා චීනය මුලින් ප්‍රතික්ෂේප කළත්, පසුව පැවැසුවේ එම බැලූනය තමන්ට අයත් එකක් බවය. 05 February 2023
බැලූනයට ඇමෙරිකන් හමුදාව පහර දෙයි ඇමෙරිකන් ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වී, ඔත්තු බැලූ, චීනයේ යැයි සැක කෙරෙන බැලූනය පහර දී විනාශ කළ බව ඇමෙරිකා රජය කියයි. 05 February 2023
රුසියාවෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවීමක් යුක්රේනයට එරෙහි යුද ආක්‍රමණය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඊශ්‍රායලයට, රුසියාව අනතුරු ඇඟවීමක් කර තිබේ. 05 February 2023
ෆ්‍රැන්සිස් පාප්තුමා දකුණු සුඩානයේ අප්‍රිකාවේ සංචාරයක නියැලෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ දකුණු සුඩානයේ ජූබා අගනුවර පැමිණියහ. 05 February 2023
චීන බැලූනයක් ඇමෙරිකාවේ ඔත්තු බලනවා චීනයට අයත් යැයි සැක කෙරෙන ඇමෙරිකාවට පැමිණ ඔත්තු බැලීම් කරනවා යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසයි. ඉතා ඉහළ අහසේ සැරිසරන මෙම බැලූනය අවසන් වරට දකින්න ලැබී ඇත්තේ ඇමෙරිකාවේ මොන්ටැනා ජනපදයේ බිලින්ග්ස් නගරයට ඉහළිනි. 03 February 2023
ලොව වයස්ගතම බලු සුරතලා පෘතුගාලයේ සුනඛයකු ලොව වයස්ගතම සුනඛයා ලෙස ගිනස් වාර්තා අතරට එක් විය. මෙම සුනඛයාගේ නම බොබී ය. 03 February 2023
බැංකොක් වාතය විෂවෙලා තායිලන්තයේ බැංකොක් අගනුවර වායු දූෂණය ඉහවහා ගොස් ඇතැයි එරට බලධාරීන් අනතුරු අඟවා තිබේ. 03 February 2023
ඇමෙරිකා පිලිපීන ආරක්ෂක සබඳතා තවත් ශක්තිමත් වෙයි තම හමුදාවට අයත් තවත් කඳවුරු හතරක් භාවිතා කිරීමට ඇමෙරිකාවට අවසර දෙන බව පිලිපීන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇමෙරිකාවට මෙසේ අවසර හිමිවූයේ පිලිපීනය සහ ඇමෙරිකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතා ගිවිසුම තවත් පුළුල් වීමත් සමඟය. 02 February 2023
ඕස්ට්‍රේලියා නෝට්ටුවලින් රැජිනගේ රුව ඉවත් කෙරේ ඕස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටුවලින්, අභාවප්‍රාන්ත දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව ඉවත් කිරීමට එරට ෆෙඩරල් රජය සූදානම් වෙයි. 02 February 2023
ජෙරුසලමේ චැඩ් තානාපති කාර්යාලයක් අප්‍රිකා චැඩ් රාජ්‍යය, ඊශ්‍රායලයේ තානාපති කාර්යාලයක් පිහිටුවීමට තීරණය කර ඇත. ඒ, ඊශ්‍රායලය සමඟ පවතින ද්වී පාර්ශ්වික සබඳතා තවත් වර්ධනය කර ගනිමිනි. චැඩ් රාජ්‍යය සහ ඊශ්‍රායලය අතර යහපත් සබඳතා වර්ධනය වූයේ මීට වසර 5 කට පෙරය. 02 February 2023
මියන්මාරයේ හදිසි නීතිය මාස 6 කින් දීර්ඝ කෙරේ මියන්මාරයේ හදිසි නීතිය තවත් මාස 6 කින් දීර්ඝ කිරීමට, හමුදා රජය තීරණය කර තිබේ. 02 February 2023
යුරෝපා නියෝජිතයෝ යුක්රේන ජනපති හමුවෙයි යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ යුක්රේනයේ කීව් අගනුවර විශේෂ ආරක්ෂාවක් යටතේය. 02 February 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026