
වෙලිංටන් නුවර නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්නක් හටගත් බවත්, ගින්නට හසුවීමෙන් සය දෙනකු මියගිය බවත් තවත් බොහෝ දෙනකු අතුරුදන් බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොප්කින්ස් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ගින්න හටගත්තේ අලුයම් කාලයේ ‘ලෝෆර්ස් ලොජ්’ නමැති සිවුමහල් නේවාසිකගාර ගොඩනැගිල්ලේය. අතුරුදන් යැයි පැවැසෙන පිරිස ද ගින්නට හසුවී මියයන්න ඇතැයි අග්‍රාමාත්‍ය ක්‍රිස් හොප්කින්ස් බිය පළ කර තිබේ.
ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ 20 ක් යෙදවිණි. වෙලිංටන් නුවර සිදුවුණු දරුණුතම ගිනි අනතුර මෙය යැයි ගිනි නිවන භටයෝ පවසති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd