
බොලිවුඩ් සුරූපිනී පරිනීති චොප්රා සහ රාඝව් චාදාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දා සිදුවිය. රාඝව් චාදා සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ අයකු නොවන අතර ඔහු ‘ආම් ආද්මී’ දේශපාලන පක්ෂයේ තරුණ නායකයෙකි.
විවාහ ගිවිස ගැනීමේ උත්සවය නවදිල්ලි අගනුවර රාඝව් චාදාගේ නිවසේ සිදුවිය.
විවාහ ගිවිස ගැනීමෙන් පසු සුන්දර ඡායාරූප පෙළක් ඉන්ස්ටග්‍රෑම් සමාජ ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට පරිනීති කටයුතු කළ අතර ඇයට ඇගේ රසික රසිකාවියන්ගෙන් සුබ පැතුම් ගලා එන්න විය.
විවාහ ගිවිස ගැනීමේ උත්සවයට පැමිණ සිටියේ පවුලේ සමීපතමයන් සහ දේශපාලනඥයන් කීප දෙනකු පමණක් යැයි පැවැසෙයි.
(හින්දුස්ථානී ටයිම්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd