ඒඩ්ස් විතරක් නොවෙයි පිළිකාවත් පරාජය කරලා එච්.අයි.වී පරාජය කළ ලොව 3 වැනි රෝගියා වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 21 February 2023
බ්‍රසීලයට හදිසි ජල ගැලීම් බ්‍රසීලයට ඇද හැලෙන මහ වැසි ජහ ජල ගැලීම් හේතුවෙන් 36 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 21 February 2023
නවසීලන්තයේ හදිසි තත්ත්වය අවසන් නෑ ‘ගෙබ්‍රියෙල්’ සුළි කුණාටුවෙන් සිදුවුණු දැඩි හානිය සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය පැනැවූ හදිසි තත්ත්වය තව දුරටත් ක්‍රියාත්මක වන බව එරට අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසා තිබේ. 21 February 2023
උතුරු කොරියාවෙන් චීනයට-ජපානයට තර්ජන උතුරු කොරියාවේ භූගත න්‍යෂ්ටික අත්හදා බැලීම්, දකුණු කොරියානු, චීන සහ ජපාන වැසියන්ට තර්ජනයක් යැයි දකුණු කොරියානු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එළිදැක්වූ වාර්තාවක දැක්වෙයි. 21 February 2023
යුක්රේනය තනි කරන්නේ නෑ - බයිඩන් රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනය තනි නොකරන බවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ප්‍රතිඥා දුන්නේය. 21 February 2023
තුර්කි සිරියා දේශසීමාවේ තවත් ප්‍රබල භූමි කම්පාවක් තුර්කි සිරියා දේශසීමාවේ තවත් නව භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් ලෙසය. තුර්කි බලධාරීන් පැවැසුවේ මෙම නව භූමි කම්පාවෙන් තිදෙනකු මියගිය බවත් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත්ය. 21 February 2023
ඇමෙරිකන් ජනපති බයිඩන් යුක්රේනයේ පෙර දැනුම් දීමකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. 20 February 2023
ඉම්රාන් ඛාන් අලුත් අර්බුදයක අතීතයේ පැවති අනියම් ආදර සබඳතාවයකින් තමන්ට දියණියක සිටින බව, නාම යෝජනා පත්‍රයේ සඳහන් කර නොතිබීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අර්බුදයකට මුහුණ පා සිටී. මෙම සිද්ධිය මුල්කොට ගනිමින් ඉම්රාන්ගේ දේශපාලන ජීවිතය අවදානමට ලක්ව ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ. 20 February 2023
ජපන් පැනඩා ආපසු චීනයට ජපානයේ ටෝකියෝ අගනුවර උනෝ සත්වෝද්‍යානයේ සිටින පැන්ඩා වළසුන් සිවුදෙනා යළි චීනයට රැගෙන යන බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති. 20 February 2023
දකුණු කොරියාවෙන් උතුරට අලුත් සම්බාධක උතුරු කොරියාව යළිත් වරක් සතුරකු ලෙස හඳුන්වා දෙමින්, උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමට දකුණු කොරියාව තීරණය කළේය. 20 February 2023
ඇමෙරිකාව අයි.එස්. නායකයකු අල්ලා ගනී හෙලිකොප්ටර් යානා යොදා ගනිමින්, නැගෙනහිර සිරියාවේ සිදු කළ මෙහෙයුමකින් අයි.එස්. ත්‍රස්ත නායකයකු අල්ලා ගැනීමට හැකිවුණු බව ඇමෙරිකාව පවසයි. 20 February 2023
රුසියාවට ආයුධ දෙන්න චීනය සූදානම් වෙනවා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට, ආයුධ සහ පතුරම් ලබා දීමට චීනය සූදානම් වන බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් අන්තනි බ්ලින්කන් පවසයි. 20 February 2023
තුර්කියේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් භූමි කම්පාවලින් වැඩි වශයෙන් හානි වුණු පළාත් දෙකක හැර සෙසු පළාත්වල දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කරන බව තුර්කිය පවසයි. 20 February 2023
පාකිස්තානයේ පොලිසියකට පහර දෙති පාකිස්තානයේ සින්ද් පළාතේ පොලිස් ස්ථානයකට තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ. 19 February 2023
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් චීන විදෙස් ඇමැති හමුවෙයි ජර්මනියේ මියුනිච් නුවර පැවැති ජගත් ආරක්ෂක සමුළුව අතරතුරේ ඊට සහභාගී වුණු චීන විදේශ අමාත්‍ය වැංග් ඊ සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතරේ හමුවක් පැවැත්විණි. 19 February 2023
භූමි කම්පාවෙන් තුර්කි ගම්මානයක් දෙකඩ වෙලා තුර්කියට බලපෑ ප`බල භූමි කම්පාවලින් දකුණු දෙසින් පිහිටි ගම්මානයක් දෙකඩ වී ඇතැයි වාර්තා වේ. භූමි කම්පාවෙන් සිදුවුණු ඉරිතැලීම්වලින් ගම්මානය මැද ආවාටයක් නිර්මාණය වී ඇතැයි ද පැවැසෙයි. 19 February 2023
රුසියාව මානව හිමිකම් කඩනවා යුක්රේනයට එරෙහි හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ රුසියාව, මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් චෝදනා කරයි. 19 February 2023
හිටපු ජනපති ජිමී කාටර් රෝහලේ ඇමෙරිකාවේ හිටපු ජනාපධිතිවරයකු වන ජිමී කාටර් රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 98 හැවිරිදි ජිමී කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා සිටී. 19 February 2023
ලෝක බැංකු සභාපති ධුරයේ වෙනසක් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ආධාර සපයන ලෝක බැංකුවේ වත්මන් සභාපති ඬේවිඞ් මැල්පාස් තමාගේ ධුර කාලය අවසන් වීමට පෙර ලබන ජූනි මස තම ධුරයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා ප්‍රකාශ කර ඇත. 17 February 2023
චීනයේ ‘කොවිඞ්’ රෝගීන් මිලියන 200 ක් 2022 වසරේ නොවැම්බර් මස මුල සිට මේ දක්වා කොවිඞ් ආසාදිතයින් මිලියන 200 ක් හඳුනාගෙන ප්‍රතිකාර කර ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසා ඇත. 17 February 2023
යුක්රේන යුද්ධය දිගටම ඇදගෙන යන්න පුටින් සූදානම් යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය අවසන් කිරීමේ කිසිදු අදහසක් තමන්ට නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 17 February 2023
තුර්කි භූමි කම්පාවෙන් මියගිය ගණන 41,000 ක් තුර්කි සිරියා භූමි කම්පාවෙන් මියගිය ගණන 41,000 පසු කළේය. තුර්කිය සහ සිරියාව කලඹමින් භූමි කම්පා මාලාවක් හටගත්තේ පසුගිය 6 සහ 7 වැනිදාය. ප්‍රබල භූමි කම්පාවලින් පසු, පසුකම්පන 120 ක් පමණ හටගත්තේය. 17 February 2023
ජනපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණය සමත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ බවත් එයින් ඔහු එය සමත් වූ බවත්, 2024 වසරේ පැවැත්වීමට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බයිඩන්ට සෞඛ්‍යමය ගැටලු කිසිවක් නොමැති බවත් ධවල මන්දිරය පවසා තිබේ. 17 February 2023
‘කොවිඞ්’ වසංගතය පරාජය කළා - චීනය ‘කොවිඞ් 19’ වසංගතය පාලනය කර ගැනීමට, තම සෞඛ්‍ය අංශ සමත් වූ බව චීන කොමියුනිස්ට් පක්ෂ රජය පවසයි. ‘කොවිඞ් 19’ වයිරසය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වීම, විශිෂ්ට ජයග්‍රහණයක් යැයි චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් පවසා තිබේ. 17 February 2023
නළු බෲස් විලිස් අසනීපෙන් හොලිවුඞ් ක්‍රියාදාම නළුවකු ලෙස ලොව කාගේත් ආදරය දිනා සිටින බෲස් විලිස් ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයකින් පෙළෙන බවත්, එය සුව කළ නොහැකි බවත් වෛද්‍යවරු පවසති. 17 February 2023
අල් කයිඩාවට අලුත් නායකයෙක් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස සායිෆ් අල් අදෙල් පත් කර තිබේ. සායිෆ් අල් අදෙල් ඊජිප්තු හමුදාවේ පවිශේෂ කාර්ය බලකායේ සාමාජිකයකු ලෙස රාජකාරි කළ අයෙකි. 16 February 2023
පාකිස්තානයේ ඉන්ධන මිල ඉහළ යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත් කිරීමේ අරමුණින් පාකිස්තානය ඊයේ (15) රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉතිහාසගත වන අයුරින් ඉහළ දමා තිබේ. 16 February 2023
ඉතාලියේ හිටපු අගමැති චෝදනාවලින් නිදහස් බාලවයස්කාර ගණිකා වෘත්තිය සම්බන්ධ නඩුවක සාක්ෂිකරුවන්ට අල්ලස් ලබා දීමේ චෝදනා මත ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනීට විරුද්ධව පැවති නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට ඉතාලියේ මිලානෝ අධිකරණය නියෝග කොට ඇත. 16 February 2023
ජනපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණවලට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරුණි. 80 හැවිරිදි බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු වයස්ගතම පුද්ගලයා ද වෙයි. 16 February 2023
පිලිපීනයට භූමි කම්පාවක් මධ්‍යම පිලිපීනය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් කළේය. 16 February 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026