
දකුණු කොරියාව සියයට සියයක් එරට තාක්ෂණයෙන් නිපදවූ ‘නූරි’ නමැති රොකට්ටුව සාර්ථකව ගුවන්ගත කළේය. මීට පෙර අවස්ථා තුනකදී රොකට්ටුව ගුවන්ගත කිරීමට උත්සාහ ගත් නමුත් අසාර්ථක විය.
අවසන් වරට රොකට්ටුව ගුවන්ගත කිරීම අසාර්ථක වූයේ පාලන මැදිරියේ පරිගණක පද්ධතියේ දෝෂයක් නිසාය. කෙසේ නමුත් එම දෝෂය කඩිනමින් නිවැරදි කර රොකට්ටුව ගුවන්ගත කළේ යැයි දකුණු කොරියානු ‘නාරෝ’ අභ්‍යවකාශ ඒජන්සිය පවසා තිබේ.
‘නූරි’ රොකට්ටුව මීටර් 47 ක් දිගින් යුක්ත වන අතර, එහි බර ටොන් 200 කි. රොකට්ටුව ගුවන්ගත වන අයුරු දැක ගැනීමට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් අභ්‍යවකාශ ඒජන්සිය අවට රැස්ව සිටි බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd