ජීවිත 300 ක් බිලිගත්, දුම්රිය අනතුරට හේතුව සංඥා පද්ධතියේ දෝෂයක් යැයි ඉන්දීය දුම්රිය ඇමැති අශ්විනී වයිෂනාව් පැහැදිලි කර තිබේ.

දුම්රිය අනතුර සිදුවූයේ ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක හැපීමෙනි. අනතුරින් තුවාල ලැබූවන් ගණන දහස ඉක්මවා තිබේ. මෙය ඉන්දියාවේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුරකි.

දුම්රිය මාර්ගයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂයක් හටගෙන තිබුණු බැවින් දුම්රිය තුනම එකම මාර්ගයක ගමන් කළේ යැයි අනතුරින් පසු සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ. දුම්රිය අනතුර සිදුවූයේ ඔඩිෂා ප්‍රාන්තයේය.

(එන්.ඩී.ටීවී.)