
ඇෆ්ගනිස්තානයේ උතුරුදිග ‘සාර්-ඊ-පුල්’ පළාතේ බාලිකා පාසල් දෙකක දැරියන්ට 80 දෙනකුට වස දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැරියන්ට වස දී ඇත්තේ පාසලේ දී ඔවුන් ලබා ගන්නා ආහාර සමඟය. වමනය, කැරැකිල්ල, සිහිසුන් වීම ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කළ දැරියන් කඩිනමින් රෝහල්ගත කළ බවත්, ඔවුන්ට ප්‍රතිකාර ලැබුණු බවත් පැවැසෙයි.
කිසිදු දැරියකගේ තත්ත්වය බරපතල නොවේ යැයි ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බාලිකා අධ්‍යාපනයට එරෙහි ඉස්ලාමීය අන්තවාදී කල්ලි මෙම වස දීම සිදු කළේ යැයි චෝදනා එල්ල වී තිබේ. 2021 වසරේ ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ පවතින්නේ තලේබාන් රජයකි.
මෙම තලේබාන් රජය ෂරියා නීතිය ක්‍රියාත්මක කරන අතර බාලිකා අධ්‍යාපනය ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්ත බොහොමයක තහනම්ය.
වස ශරීරගත වීමෙන් රෝහල්ගත කෙරුණු දැරියන් කිසිවකුගේ තත්ත්වය බරපතල නොමැති බව ද පැවැසෙයි.
රෝහල්ගත කෙරුණේ පළමු ශ්‍රේණියේ සිට 6 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ‘නස්වාන් ඊ කාබෝද්’ සහ ‘නස්වාන් ඊ ෆයිසාබාද්’ යන පාසල්වල දැරියන් බව ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් පාසල්වල දැරියන්ට වස දීලා