
රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ චීන සාම නියෝජිත ලී හුයි අතරේ හමුවක් පැවැත්විණි. රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, චීනය මැදිහත් වී සාම සැලැස්මක් සකස් කර ඇත. එම සාම සැලැස්ම වෙනුවෙන් පෙනී සිටින සාම නියෝජිතයා ලී හුයි ය.
ලී හුයි මොස්කව් අගනුවර බලා පැමිණියේ යුක්රේනයට ගොස් සාම සැලැස්ම සම්බන්ධයෙන් යුක්රේන රජය සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. තමන් සැලැසුම් කළ සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බාධක රැසක් ඇති බවත්, සාමයට යෑම පහසු නොවනු ඇති බවත් ලී හුයි රුසියන් විදේශ ඇමැති හමුවේ පෙන්වා දුන්නේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd