රුසියාවෙන් ඔත්තු බලන බැලූන ඇවිල්ලා රුසියාව දෙසින් ආ ඔත්තු බලන බැලූන 6 ක් යුක්රේනයේ කීව් අගනුවරට ඉහළින් අහසේ සැරිසරන්න වූ බවත්, ඒවායින් බොහොමයක් පහර දී විනාශ කළ බවත් යුක්රේන හමුදාව පවසයි. 16 February 2023
ඇන්ටාක්ටිකාවේ ග්ලැසියරයක් වේගයෙන් දියවෙනවා ඇන්ටාක්ටිකාවේ ඇති කිලෝ මීටර් 120 ක් පළල යෝධ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගෙන ඇති බැවින්, සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් සහ බි්රතාන්ය විද්‍යාඥයෝ අනතුරු අඟවති. 16 February 2023
නවසීලන්තයට භූ කම්පනයක් නවසීලන්තයේ වෙලිංටන් නගරයේ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 අගයක් ගත් භූ කම්පනයක් අද (15) හටගෙන තිබේ. 15 February 2023
චීන නියෝජිතයාගේ ලන්ඩන් සංචාරය අවලංගුයි චීන කොම්යුනිස්ට් පක්ෂ සාමාජිකයකු වන අර්කින් ටූනියාස්ගේ ලන්ඩන් සංචාරය අවලංගු කර ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණැයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පවසයි. 15 February 2023
දරුවෝ මිලියන 7 ක් භූමි කම්පාවෙන් පීඩාවට ප්‍රබල භූමි කම්පාවලින් සහ පසුකම්පනවලින් තුර්කියේත් සිරියාවේත් කුඩා දරුවන් මිලියන 7 ක් පීඩාවට පත්වී සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය පවසයි. 15 February 2023
යුක්රේන දරුවන්ට බලෙන් රුසියන් දේශපාලනය උගන්වනවා රුසියානු - යුක්රේන යුද්ධය ආරම්භ වී වසරක කාලය ඇතුළත අවම වශයෙන් යුක්රේන ළමුන් 6000 ක පමණ පිරිසක් රුසියාවේ සහ ක්‍රිමියාවේ කඳවුරු 43 ක රඳවා තබා ගනිමින් එම ළමුන් රුසියාවේ මතයට නැඹුරු කර ගැනීම සඳහා දේශපාලනික සහ හමුදාමය අධ්‍යාපනය ලබා දී ඇතැයි ඇමෙරිකානු එක්සත් ජනපදය නිකුත් කළ වර්තාවක දැක්වේ. 15 February 2023
2024 ජනාධිපති ධුරයට නිකී හේලි තරග වදිනවා ඇමෙරිකා ජනාධිපතිවරණය 2024 වසරේ පැවැත්වෙන අතර තමන් අපේක්ෂකයකු ලෙස ඊට ඉදිරිපත් වන බව නිකී හේලි පවසයි. 51 හැවිරිදි නිකී හේලි නියෝජනය කරන්නේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයයි. 15 February 2023
ඉරාන ජනාධිපති චීනයේ සංචාරයක ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි, විශේෂ නියෝජිත පිරිසක් ද පිරිවරාගෙන චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණියේය. ඉරාන ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිසට චීන ජනාධිපති ෂී ජින්පින් ප්රමුඛ රජයෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 15 February 2023
තුර්කි-සිරියා භූමිකම්පා: මියගිය ගණන 37,000 ක් තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 37,000 පසු කර ඇත. භූමි කම්පා හටගත්තේ මීට සතියකට පෙරය. රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් සහ පසුකම්පන 120 ක් පමණ හටගත් බව පැවැසෙයි. 15 February 2023
ගෙබ්‍රියෙල් නවසීලන්තයේ 3 ක් බිලිගනී උතුරුදිග නවසීලන්තයට කඩා වැදුණු ‘ගෙබි්‍රයෙල්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි එරට හදිසි ආපදා කළමනාකරණ අමාත්‍ය කිරන් මැකෝන්ටි මාධ්‍ය හමුවේ පවසා තිබේ. 15 February 2023
පෘතුගාල පූජකයන් ගැන චෝදනා කුඩා දරුවන්, ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධි වලට සම්බන්ධ යැයි සැක කෙරෙන පූජකයන් 100 කට අධික පිරිසක් පෘතුගාලයේ පල්ලිවල තනතුරු හොබවන බව ඒ සම්බන්ධව පත් කළ කොමිසමේ වාර්තාව පවසයි. 15 February 2023
වැලන්ටයින් දා පැරණි පෙම සිහිකර කැරපොත්තන් නම් කෙරේ ‘වැලන්ටයින් දිනය’ වෙනුවෙන්, සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, කැරපොත්තකු නම් කිරීමේ වැඩසටහනක් අද (14) ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ සත්වෝද්‍යානයේ ක්‍රියාත්මක වෙයි. 14 February 2023
පැය 182 කට පසු 13 හැවිරිදි පුතෙක් බේරා ගැනෙයි තුර්කියේ දකුණු හටේ පළාතේ මුදා ගැනීමේ කණ්ඩායම් පැය 182 කට පසු වයස අවුරුදු 13 ක පිරිමි දරුවකු සුන්බුන් අතරින් බේරා ගැනීමට සමත්ව ඇත. 14 February 2023
කැමිලට ආයෙත් ‘කොවිඞ්’ බ්‍රිතාන්‍යයේ කැමිලා බිසවට, යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බකිංහැම් මාළිගය ප්‍රකාශ කර තිබේ. 14 February 2023
සමක ගිනියාවේ ‘මාර්බර්ග්’ වසංගතයක් සමක ගිනියාව යන නමින් හැඳින්වෙන අප්‍රිකා රාජ්‍යයේ ‘මාර්බර්ග්’ වසංගතයක් පැතිර යන බව වාර්තා වේ. ‘මාර්බර්ග්’ යනු මීයන් ආදී සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්තවන මාරක වයිරසයකි. 14 February 2023
චීන බැලූනයක් දැක්කොත් කෙළින්ම වෙඩි තියනවා චීන ඔත්තු බැලීමේ බැලූනයක්, බ්‍රිතාන්‍ය ගුවන් සීමාවට ඇතුළු වුවහොත්, දෙවරක් නොසිතා පහර දී එය විනාශ කිරීමට තමන් සූදානම් යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසා ඇත. 14 February 2023
ඇමෙරිකන් නියෝජිතයෙක් පාකිස්තානයේ පාකිස්තානය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමට ඇමෙරිකාව සූදානම් වන බවත්, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිත ඩෙරික් කොලෙට් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර බලා පැමිණ සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි. 14 February 2023
ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක් ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක් සිදුවුණු බව වාර්තා වේ. වෙඩි තැබීම සිදුවූයේ මිචිගන් විශ්ව විද්‍යාලයේය. වෙඩි තැබීමෙන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි. 14 February 2023
‘ගෙබි්‍රයෙල්’ නවසීලන්තයට කඩා වදී මහ වැසි සහ තද සුළං ද සමඟ ‘ගෙබි්‍රයෙල්’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව නවසීලන්තයට කඩා වැදුණි. නවසීලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිට නවසීලන්ත වැසියන් දහස් ගණනක් මේ වනවිට විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවය. 12 February 2023
සිරියාවේ මිලියන 5 කට උන්හිටිතැන් අහිමි වෙලා භූමි කම්පා හේතුවෙන් සිරියාවේ මිලියන 5.3 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 12 February 2023
භූමි කම්පාවෙන් මියගිය ගණන 25,000 පනී තුර්කිය සහ සිරියාව කැලඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 25,000 පසු කළේය. භූමි කම්පාවලින් වැඩිපුරම හානි සිදුවී ඇත්තේ තුර්කියටය. තුර්කියේ පමණක් මියගිය ගණන 21,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 12 February 2023
බ්‍රසීල ජනාධිපති ලූලා ඇමෙරිකාවේ සංචාරයක බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි අවස්ථාවේදීය. 12 February 2023
කැනඩා ආ චීන බැලූනය පහර දී විනාශ කරලා තම ගුවන් සීමාවට අනවසරයෙන් පිවිසි හඳුනා නොගත් වස්තුවක් පහර දී විනාශ කළ බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කළේය. 12 February 2023
සුන්බුන් අතරින් හමුවුණු බිලිඳිය යහතින් භූමි කම්පාවෙන් බිමට සමතලා වුණු නිවසක සුන්බුන් අතරින් හමුවුණු අලුත උපන් බිලිඳිය යහතින් පසුවන බවත් ඇයට නම් තැබීම සිදුවුණු බවත්, අලුත් මාපියන් හමුවුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 10 February 2023
ප්‍රංශයට ජර්මනියට ඉතාලි අගමැතිනිය දොස් කියයි තමා නොසලකා හැරියේ යැයි ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්ට දොස් නගා තිබේ. 10 February 2023
යුක්රේනයට ප්‍රහාරක යානා දෙන්න සූදානම් මිතුරු යුරෝපා රටවල සංචාරයක යෙදෙන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී යුරෝපා සංගමයට අයත් රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීය. 10 February 2023
ලෝක බැංකුවෙන් තුර්කියට ආධාර මේ වනවිට විදෙස් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍ය කණ්ඩායම් භූමි කම්පාවෙන් හානියට පත්වුණු තුර්කි නගරවල මෙහෙයුම් ආරම්භ කර තිබේ. ලෝක බැංකුව නිවේදනය කළේ තුර්කියට ඇමෙරිකන් ඩොලර් බිලියන 7.8 ක මුදලක් ලබා දෙන බවය. 10 February 2023
මියගිය ගණන 21,000 ඉක්මවයි තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් මියගිය ගණන 21,000 පසු කළේය. භූමි කම්පාවලින් වැඩිපුර හානි සිදුවූයේ ඉතාලියටය. 10 February 2023
බිරිඳගේ සිරුර කරේ තියන් යද්දී පොලිසිය පිහිටවෙලා ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමි තරුණයකු මියගිය බිරිඳ කරේ තබාගෙන අධිවේගී මාර්ගයක පයින් ගමන් කරමින් සිටිද්දී පොලිසිය ඔහුගේ පිහිටට පැමිණි පුවතක් ඉන්දියාවේ එන්.ඩී.ටීවී. වෙබ් අඩවිය පවසයි. 09 February 2023
භූමි කම්පාවෙන් පසු තුර්කියේ පිහිටීම වෙනස් වෙලා ප්‍රබල භූමි කම්පාවලින් කැලැඹීමෙන් පසු, තුර්කියේ පිහිටීම මීටර් 5 කින් හෝ 6 කින් වෙනස් වී ඇතැයි ඉතාලි භූ විද්‍යාඥ මහාචාර්ය කාර්ලෝ ඩෙග්ලීනෝ පවසයි. 09 February 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026