
ලොව ජනප්‍රිය ගායිකාවක වන ටීනා ටර්නර් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මිය යන විට ඇය 83 වැනි වියේ පසුවිය.
ස්විට්සර්ලන්තයේ ඇයගේ නිවසේදී දීර්ඝ කාලයක සිට පීඩා විඳි රෝගී තත්ත්වයක් හේතුවෙන් ටීනා ටර්නර් මිය ගිය බව ඇයගේ නියෝජිතයා තහවුරු කර තිබේ.
ඇය ඇගේ සංගීත ජීවිතය 1950 වසරේදී ආරම්භ කර ඇත. ටර්නර් ඇයගේ සංගීත ජීවිතයේදී ග්‍රැමී සම්මාන 8 ක් හිමිකර ගෙන ඇති අතර ඉන් 6 ක්ම 1980 දශකයේදී ටීනා ටර්නර් හිමිකර ගෙන තිබේ.
1980 දශකයේදී හොඳම ගීත 40 අතරට ටර්නර්ගේ ගීත 12 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුලත් වී තිබූ අතර 1988 වසරේදී රියෝ ඩි ජෙනයිරෝ නගරයේ පැවති සංගීත සංදර්ශනය 180000 ක ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගී වී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සාතිශය සංවේගය.., Fly away peacefully කියන්නේ ගොඩක් ප්‍රකට සිංදුවක්...
"සරලව හොඳම" -1991
නිවන් සුව ප්‍රාර්ථනා කරමි