
ලතින් ඇමෙරිකාවට අයත් ගයනා රාජ්‍යයේ පාසල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්න හටගත්තේ මධ්‍යම ගයනාවේ මහ්දියා පාසලේය.
එය මහා ඛේදවාචකයක් බව ගයනා ජනාධිපති ඉෆ්රාන් අලී මාධ්‍ය හමුවේ පවසා තිබේ. ගින්නට හසුවීමෙන් තුවාල ලැබූ බොහෝ දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පැවැසෙයි.
ගින්නට හසුවීමෙන් මියගියේත් තුවාල ලැබුවේත් පාසල් දරුවන් යැයි පැවැසෙයි. තුවාල ලැබූ දරුවන් හමුදා ගුවන් යානා මගින් ජෝර්ජ්ටවුන් අගනුවරට ගෙන්වා ගැනීම සිදුවිය. ඒ, මහ වැසි මධ්‍යයේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd