IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


‘මෙටා’ සමාගමට දඩ

ෆේස්බුක් සමාගමේ හිමිකාරීත්වය දරන ‘මෙටා’ සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක (යූරෝ බිලියන 1.2) දඩයක් නියම වී තිබේ.

මෙම දඩය නියම කර ඇත්තේ යුරෝපා සංගමයේ පෞද්ගලිකත්ව නියාමකයා වන ඇමෙරිකා එක්සත් ජනපදයට දත්ත මාරු කිරීම නැවැත්වීම සඳහා මාස පහක කාලයක් ද ලබා දී ඇත. පරිශීලක තොරතුරු පරිහරණය කිරීමට අදාළව මෙටා සමාගමට මෙම දඩය නියම වී තිබේ.

යුරෝපා අධිකරණය දත්ත මාරු කිරීම/පැවැරීමට අදාළව 2020 වසරේ කළ නියෝගයක් ඉක්මවා මෙටා සමාගම කටයුතු කිරීම හේතුවෙන් අයර්ලන්ත දත්ත ආරක්ෂණ කොමසාරිස්වරයා මෙම දඩය පනවා ඇත. අදාළ නියෝගය මගින් යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර දත්ත මාරු කිරීමේ ගිවිසුම අවලංගු කර තිබේ. යුරෝපා සංගමය මීට පෙර පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීම, කඩ කිරීම හෝ ඊට අදාළ චෝදනාවලට අදාළව ඇමසන් සමාගමට 2021 වසරේ දී යූරෝ මිලියන 746ක දඩයක් පැනවීය. ලක්සම්බර්ග් වෙතින් අදාළ දඩය නියම විණි.

කෙසේ නමුත් මෙවර මෙටා සමාගමට පැනවූ දඩය මේ අනුව වාර්තා ගත දඩයක් බවට පත්ව තිබේ. මීට පෙර පෞද්ගලිකත්වය කඩ කිරීම සම්බන්ධයෙන් කිසිදු සමාගමකට මෙතරම් ඉහළ දඩයක් පනවා නොමැත.

මෙටා සමාගමට අයත් ෆේස්බුක් සමාජ ජාලයේ දත්ත ගබඩා සහ ඒ සම්බන්ධයෙන් වන කතාබහ සහ අර්බුද ඇති වූයේ මීට දශකයකට පෙර ය. ඇමෙරිකා එක්සත් ජනපදය පෞද්ගලික දත්ත එක්රැස් කිරීමට එරෙහිව මැක්ස් ෂ්‍රෙම්ස් නෛතික ක්‍රියාමාර්ග ගැනීමත් සමඟ ය. ඔහු එම ක්‍රියාමාර්ග ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කාර්යාංශයේ (එන්.එස්.ඒ - NSA) කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කළ එඩ්වඩ් ස්නෝඩන් ඉතාමත් රහසිගත තොරතුරු රැසක් අනාවරණය කිරීමත් සමඟ  ය. මැක්ස් ෂ්‍රෙම්ස් ඔස්ට්‍රියානු ජාතිකයකු වන අතර ඔහු පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් ක්‍රියාකාරියකු මෙන්ම නීතිඥයකු ද වේ. හෙතෙම, ෆේස්බුක් සමාගමේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම්වලට එරෙහිව අඛණ්ඩව ක්‍රියාමාර්ග ගත්තෙකි.

මෙම නියෝගයට අදාළව අභියාචනයක් ඉදිරිපත් කරන බවත් මෙම පනවා ඇති දඩය අයුක්ති සහගත සහ අනවශ්‍ය එකක් යැයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙටා සමාගම සඳහන් කළේ ය. අධිකරණය විසින් පනවා ඇති අත්හිටුවීමේ නියෝගවලින් ද ඉවත් ව සිටින බව මෙටා සමාගම නිවේදනය කළේ ය.

දත්ත මාරු කිරීම් අත්හිටුවීමට පෙර යුරෝපා සංගම් පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂිතව ඇමෙරිකා එක්සත් ජනපදයට මාරු කිරීම සඳහා නව ගිවිසුමකට එළැඹෙන බව ද මෙටා සමාගම සඳහන් කළේ ය. 

(රොයිටර්) 



අදහස් (0)

‘මෙටා’ සමාගමට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site