
ජපානයේ 'ජී7' සමුළුවට සහභාගී වීමට, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ජපානයේ හිරෝෂීමා නුවර බලා පැමිණියේ ප්‍රංශ හමුදා ගුවන් යානයකිනි.
රුසියන් ආක්‍රමණයෙන් පසු, යුක්රේනයට ඇමෙරිකාව සහ කැනඩාව පමණක් නොව, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල ද සහාය නොඅඩුව හිමිවෙයි.
ප්‍රංශය යුක්රේන ජනාධිපතිවරයාට, ජපානයට යෑමට හමුදා යානයක් ලබා දීම රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති බව ද පැවැසෙයි.
'ජී7' සමුළුවට පැමිණීමට පෙර, සෙලෙන්ස්කී සෞදි අරාබියේ ජෙඩා නුවරට ගියේය. ඒ, ප්‍රංශ හමුදා ගුවන් යානයෙනි.
යුක්රේන ජනාධිපතිවරයා ජෙඩා නුවරට ගියේ අරාබි ලීගය සමුළුව ඇමතීමටය.
එහිදී ද රුසියන් ආක්‍රමණයේ දී යුක්රේනයට සහාය වෙන්නැයි සෙලෙන්ස්කී ඉල්ලීමක් කළේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd