IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අගවිනිසුරුගේ වැටුප වැඩියි

පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලබා ගන්නා වැටුප එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලබා ගන්නා වැටුපට වඩා වැඩි බව ‘පාකිස්තාන නිවුස් වෙබ් ඉන්ටර්නැෂනල්’ වෙබ් පුවත් අඩවිය වාර්තා කර තිබේ.

පාකිස්තාන ජනාධිපතිවරයාගේ වැටුප පාකිස්තාන රුපියල් 896,550 ක් බවත් අග්‍රාමාත්‍යවරයාගේ වැටුප පාකිස්තාන රුපියල් 201,574 ක් බවත් ‘පාකිස්තාන නිවුස් වෙබ් ඉන්ටර්නැෂනල්’ පෙන්වා දී ඇත.

පාකිස්තාන අගවිනිසුරුවරයාගේ වැටුප පාකිස්තාන රුපියල් 1,527,399 ක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පාකිස්තාන රුපියල් 1,470,711 වැටුපක් ලබා ගන්නා බවත් ද පාකිස්තාන නිවුස් වෙබ් ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කරයි.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දත්ත පදනම් කර ගනිමින්  ද නිව්ස් ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත.ඒ අනුව පාකිස්තානයේ වැඩිම වැටුපක් ලබා ගන්නා නිලධාරීන් අතර ප්‍රථම ස්ථානය අග විනිසුරුවරයාට හිමිවන බවත් දෙවැනි ස්ථානය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට හිමිවන බවත් තෙවැනි ස්ථානය ජනාධිපතිවරයාට හිමිවන බවත් ද වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ වැටුප එරට අමාත්‍යවරයකුගේ වැටුපට වඩා අඩු බවද එම වෙබ් අඩවිය පෙන්වා දී ඇත. පාකිස්තාන අමාත්‍යවරයකු පාකිස්තාන රුපියල්  338,125 ක වැටුපක් ලබා ගන්නා බවද ද නිව්ස් ඉන්ටර්නැෂනල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

අගවිනිසුරුගේ වැටුප වැඩියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 232 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2088 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site