මීට සති දෙකකට පෙර සිදුවූ ගුවන් යානා අනතුරකින් දිවි ගලවා ගත් දරුවන් හතර දෙනකු ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ප්‍රකාශ කර ඇත.
මෙම දරුවන් හතර දෙනා අතර මාස 11 ක ළදරුවකුද සිටින බවත් ඉතිරි දරුවන් තිදෙනා අවුරුදු 13 ,9, 4 වයස්වල පසුවන්නන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
කොලොම්බියානු හමුදාවේ උත්සාහය හේතුවෙන් මෙම දරුවන් හතර දෙනා සොයා ගැනීමට හැකි වූ බවත් මෙම දරුවන් සෙවීම සඳහා සොල්දාදුවන් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් පුහුණුව ලැබූ සුනඛයන් සමඟ එකතු වූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
පසුගිය පළමු වැනිදා සිදු වූ ගුවන් යානා අනතුරෙන් නියමුවා සහ දරුවන්ගේ මව මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණ.කෙසේ වෙතත් ජනාධිපතිවරයා දරුවන් සොයා ගත් ස්ථානය පිළිබඳව පැහැදිලි තොරතුරක් ලබා දී නොමැත.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දිවි ගලවා ගත් පොඞ්ඩෝ ඇමසන් වනයේ
පියනන්ද හිමි Thursday, 18 May 2023 01:30 PM
අපේ රටේ නං කොරයි.
G. K. Ekanayake Thursday, 18 May 2023 04:06 PM
ලංකාවේ පොලිසිය නම් සියලු දෙනාම මරුන කියල තීන්දුව දීල ඉවරයි.