IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘ජී7’ සමුළුව ජපානයේ ඇරැඹේ

මෙවර ‘ජී7’ සමුළුව  ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැත්විණි. හමුව පැවැත්වූයේ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ ප්‍රධානත්වයෙනි. හිරෝෂිමා යනු අග්‍රාමාත්‍ය කිෂිඩාගේ උපන් නගරයයි. සමුළුව 21 අවසන් වෙයි.

‘ජී7’ සමුළුවට ‘ජී7’ රටවල නායකයෝ එක්වෙති. ‘ජී7’ රටවල් වන්නේ ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මහා බි්‍රතාන්‍යය සහ ජපානයයි. නිත්‍ය සාමාජිකයකු නොවුනත් යුරෝපා සංගමයේ නියෝජනයක් ද සිදුවෙයි.

‘ජී7’ සමුළුව සෑම වසරකම පැවැත්වෙන අතර සමුළුව පැවැත්වීම සිදුවන්නේ සාමාජික රටයල ඓතිහාසික වශයෙන් වැදගත් නගර කේන්ද්‍රකොට ගනිමිනි. ආර්ථික දේශපාලනික අර්බුද සහ පාරිසරික අර්බුද සම්බන්ධයෙන් ‘ජී7’ කණ්ඩායමට අයත් නායකයෝ රැස්වී සාකච්ඡා පවත්වති. මෙවර ‘ජී7’ සමුළුවේ ද වැඩි අවධානයක් යොමු වූයේ රුසියන් යුක්රේන අර්බුදය කෙරෙහිය.

සමුළුව ආරම්භ වූයේ ජපාන අග්‍රාමාත්‍යවරයා, ලෝක නායකයන් පිළිගත්තේය. ඉන්පසු රාජ්‍ය නායකයන් සියල්ලෝම හිරෝෂිමා සාම ස්මාරකය පිහිටි උද්‍යානය වෙත ගියහ.
1945 වසරේ දෙවැනි ලෝක යුද්ධය අවසන් කරමින්, ඇමෙරිකාව හිරෝෂීමා නගරයට හෙලූ පරමාණු බෝම්බයෙන් මියගිය පිරිස සිහි ගන්වමින් ඔවුහු පුෂ්පෝපහාර දැක්වීමට ද අමතක නොකළාහ.

සමුළුවට එක් වුණු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, සෙසු නායකයන සමඟ රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම චීනයෙන් ලෝකයට එල්ල වන බලබෑම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය.

රුසියාව යුක්රේනය එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඔහුගේ හිතවතුන් මෙන්ම රුසියන් සමාගම් ද ඉලක්ක කර ගනිමින් නව සම්බාධක 300 ක් පැනවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ඊට අමතරව රුසියාවේ දියමන්ති කර්මාන්තය ඉලක්ක කර ගනිමින් ද ‘ජී7’ කණ්ඩායම එක් වී සම්බාධක පැනැවීමක් කළේය.

(රොයිටර්)



අදහස් (0)

‘ජී7’ සමුළුව ජපානයේ ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site