
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, චීනය සකස් කළ සාම සැලැස්ම, තමන්ගේ අවධානයට යොමු වී ඇතැයි යුක්රේන රජය පවසයි.
එම සාම සැලැස්ම ගැන සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, චීන රජයේ විශේෂ නියෝජිත ලී හුයි යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණ සිටී. චීන නියෝජිත ලී හුයි යුක්රේනයට පැමිණියේ තවත් නියෝචිත කණ්ඩායමක් ද පිරිවරාගෙනය.
යුක්රේන විදේශ ඇමැති දිමිත්‍රෝ කුල්බේගේ ප්‍රධානත්වයෙන් යුත් යුක්රේන රජයේ නියෝජිත කණ්ඩායමක් සහ ලී හුයි අතරේ සාකච්ඡා පැවැත්විණි. ලී හුයි, යුරේසියානු රටවල කටයුතු සම්බන්ධ විශේෂඥයෙකි. ඔහු රුසියාවේ චීන තානාපති ලෙස රාජකාරි කර තිබේ.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2021 පෙබරවාරි මාසයේය. ඒ, බටහිර හිතවාදී යුක්රේනය, ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
තමන් ඕනෑම සාම සැලැස්මකට කැමැති නමුත්, එක් බිම් අඟලක් රුසියාවට දීමට කැමැත්තක් නොමැති බව යුක්රේන රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති දිමිත්‍රෝ කුල්බේ, චීන නියෝජිත ලී හුයි හමුවේ පැහැදිලි කළේය.
චීනය මැදිහත් වී සකස් කළ සාම සැලැස්මට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියන් රජය කැමැත්ත පළ කර තිබේ. සාම සැලැස්මට දෙපාර්ශ්වය කැමැත්ත පළ කරන්නේ නම්, පළමුවෙන් සටන් විරාමයක් ආරම්භ වනු ඇති බව ද චීනය පැහැදිලි කර තිබේ.
චීන නියෝජිත ලී හුයි සහ පිරිස යුක්රේනයට පැමිණියේ සෙසු යුරෝපා රටවල ද සංචාරය කරමින්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එම රටවල රාජ්‍ය නායකයන්ගේ අදහස් විමසා බලමිනි. පිරිස අවසන් වශයෙන් රුසියාවේ මොස්කව් අගනුවර බලා යෑමට ද නියමිතය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
232
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2088
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ සාම සැලැස්ම යුක්රේනයේ අවධානයට