දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී 32ක් මරුට ග්‍රීසියේ දුම්රිය දෙකක් ඊයේ (28) රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 32 දෙනකු මියගොස් තවත් 85 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත. 01 March 2023
මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා වෙයි ලෝකයේ ධනවත්ම පුද්ගලයා වීමට ඇමෙරිකන් ව්‍යාපාරික බිලියනපති ඉලොන් මස්ක් සමත් වී සිටී. 28 February 2023
තුර්කියට තවත් භූමි කම්පාවක් නැගෙනහිර තුර්කිය තවත් භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙස සටහන් විය. මෙම නව භූමි කම්පාවෙන් එක් අයකු ජීවිතක්ෂයට පත් වුණු බව තුර්කි මාධ්‍ය වාර්තා කළේය. 28 February 2023
හොංකොං වැසියන්ට ‘මාස්ක්’ අනිවාර්ය නෑ ‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් මුහුණු ආවරණ අනිවාර්ය කරමින් පැනැවූ නීතිය ඉවත් කිරීමට හොංකොං බලධාරීන් කටයුතු කර තිබේ. 28 February 2023
ඇෆ්ගනිස්තානයත් භූමි කම්පාවකින් දෙදරයි ඇෆ්ගනිස්තානය භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූ විද්‍යාඥයන් පැවැසුවේ එය සුළු භූ කම්පන තත්ත්වයක් බවය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 4 ක් විය. 28 February 2023
‘කොවිඞ් 19’ ආවේ චීන රසායනාගාරයකින් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය චීන රසායනාගාරයකින් කාන්දු වූවක් බව තහවුරු වී ඇතැයි නිකී හේලි පවසයි. 28 February 2023
පුටින් මැරෙන හැටි කියයි දිනෙක රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔහුගේ සමීපතම සගයන් අතින් ඝාතනය වනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. 27 February 2023
අරාබි පාර්ලිමේන්තු නියෝජිතයෝ සිරියාවට අරාබි පාර්ලිමේන්තුවේ විශේෂ නියෝජිතයන් පිරිසක් සිරියාවට පැමිණ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්රමුඛ රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීය. 27 February 2023
‘කොවිඩ් 19’ ආවේ චීන පර්යේෂණාගාරයකින් ‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසය, අත්වැරදීමකින් චීනයේ පර්යේෂණාගාරයකින් කාන්දුවූවක් බව ඇමෙරිකන් බුද්ධි අංශ නිකුත් කළ නව වාර්තාවක දැක්වෙයි. මෙම වාර්තාව ඇසුරින් ඇමෙරිකාවේ ‘වෝල් ස්ටී්රට් ජර්නල්’ පුවත්පතේ වාර්තාවක් ද පළ වී තිබේ. 27 February 2023
ආරක්ෂක සාමාජිකයන්ට චීන පුහුණුව සංවර්ධනය වෙමින් පවතින රටවල ආරක්ෂක නිලධාරීන් 5000 ක පිරිසක්, ඉදිරි වසර 5 ක කාලය තුළදී පුහුණු කිරීමට චීනය සූදානම් වෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ ‘සවුත් චයිනා මෝර්නිංග් පොස්ට්’ පුවත්පතය. 27 February 2023
සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 59 ක් මරුට නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් කුඩා බෝට්ටුවක් ඉතාලියට දකුණු දෙසින් මුහුදේ ගිලී යෑමෙන් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 27 February 2023
ඉරානයේ බාලිකාවන්ට වස දීලා ආහාරවලට විෂ කලවම් කර, ඒවා බාලිකාවන්ට ලබා දී, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර, පාසල් වසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඉරාන රජය පවසයි. 27 February 2023
චීන ජනපති හමුවන්න සූදානම් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා කරමින්, එම අර්බුදය අවසන් කිරීමට චීන ජනාධිපතිවරයාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. 26 February 2023
නයිජීරියාවේ ජනාධිපතිවරණයක් අප්‍රිකාවට අයත් නයිජීරියාවේ ජනාධිපතිවරණය ඊයේ (25) පැවැත්විණි. ජනාධිපතිවරණය පැවැත්වූයේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාය. 26 February 2023
19 හැවිරිදි ගැටවරයකුට ඇල්ෂයිමර් චීනයේ 19 හැවිරිදි ගැටවරයකු ඇල්ෂයිමර් රෝගයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය පවසයි. 26 February 2023
ජපානයේ හොක්කයිඩෝ දූපතටත් භූමි කම්පාවක් රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් සටහන් කළ භූමි කම්පාවකින් ජපානයේ හොක්කයිඩෝ දූපත කැලැඹිණි. භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ හොක්කයිඩෝ දූපතේ උතුරු දෙසටය. 26 February 2023
පැපුවා නිව් ගිනියාවට භූමිකම්පාවක් පැපුවා නිව්ගිනියාවේ කණ්ඩිරාන් පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් ලෙසය. 26 February 2023
තුර්කියට තවත් භූමි කම්පාවක් රික්ටර් පරිමාණයේ ඒකක 5.3 ක් සටහන් කළ භූමි කම්පාවකින් තුර්කියේ නිග්දේ පළාත දෙදරා ගියේය. භූමි කම්පාවෙන් කිසිවකුටවත් අනතුරක් සිදු වී නැත. 26 February 2023
ඇමෙරිකාව-දකුණු කොරියාව හමුදා අභ්‍යාසයක් ආරම්භ කරයි උතුරු කොරියාවේ මිසයිල තර්ජනවලට එරෙහිව, ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී යුද අභ්‍යාසයක් පැවැත්වීය. 24 February 2023
යුක්රේනයට යැවූ හමුදා වහාම ආපසු ගෙන්වා ගන්න යුක්රේනය ආක්‍රමණයට යැවූ හමුදා වහා ආපසු ගෙන්වා ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට නියෝග කර ඇත. රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්විණි. 24 February 2023
රුසියන් යුක්රේන යුද්ධය නිමා කරන්න සාම සැලැස්මක් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් කරුණු 12 කින් සමන්විත සාම සැලැස්මක් සකස් කළ බව චීනය කියයි. 24 February 2023
පාකිස්තානය බදු ඉහළ දමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය මුදලේ ඊළඟ වාරිකය ලබා ගැනීම සඳහා පාකිස්තානය සුඛෝපභෝගී ආනයන භාණ්ඩ හා සේවා සඳහා පනවනු ලබන බදු ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 24 February 2023
රුසියන් යුක්රේන යුද්ධයට වසරයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ බටහිර සහාය ලබන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හෝ සාමයට උනන්දු නොවන බැවින්, රුසියන් යුක්රේන යුද්ධය අද හෙට අවසන් නොවනු ඇති බවත් තවත් වසර ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. 23 February 2023
චීන නියෝජිත වැංග් ඊ රුසියන් ජනපති හමුවෙයි චීන රජයේ විශේෂ නියෝජිත වැංග් ඊ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය. ඒ, ලෝකයේ ස්ථාවරත්වය සඳහා චීනය සහ රුසියාව අතරේ ශක්තිමත් සම්බන්ධයක් තිබිය යුතු බව පෙන්වා දෙමිනි. 23 February 2023
ටජිකිස්තානය-නේපාලය භූමි කම්පාවලින් කැලැඹේ මධ්‍යම ආසියාවට අයත් ටජිකිස්තානය සහ ආසියාවට අයත් නේපාලය භූමි කම්පාවලින් දෙදරා ගියේය. ටජිකිත්සාතනට බලපෑවේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකි. 23 February 2023
ජපන් වෙරළට අබිරහස් වස්තුවක් ඇවිල්ලා විශාල, මීටර් 1.5 ක විෂ්කම්බයකින් යුත් ගෝලාකාර වස්තුවක් ජපන් වෙරළකට ගසාගෙනවිත් තිබේ. මෙම ගෝලාකාර වස්තුව ලෝහවලින් නිර්මාණය වූවකි. එය කුමක්දැයි තහවුරු කර ගැනීමට අපොහොසත් වී ඇතැයි ද වාර්තා වේ. 23 February 2023
බයිඩන් යුක්රේනයට එනවා රුසියාවට කලින් දැනුම් දීලා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණෙන බව ඇමෙරිකන් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ තමන්ට කල් තියා දැනුම් දී තිබුණු බව රුසියන් ෆෙඩරල් බුද්ධි අංශ ප්‍රධානී බෝර්ට්නිකෝව් පවසයි. 22 February 2023
චීන ජනාධිපති ජින්පින් පුටින් හමුවන්න යනවා චීන ජනාපධිති ෂී ජින්පින් රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 February 2023
කාන්තාවන් සවි බල ගැන්වීම ඉතා වැදගත් ලෝක සාමය වෙනුවෙන්, සමාජ විෂමතා නැති කිරීමටත්, සමෘද්ධිය ඇති කිරීමටත් කාන්තාවන් සවි බල ගැන්විය යුතු යැයි ඉන්දීය ජනාධිපතිනී ද්‍රෙෘපදී මුර්මු පවසයි. 22 February 2023
රුසියාවට දිනන්න දෙන්නේ නෑ - බයිඩන් යුක්රේනයට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ රුසියාවට කිසිම අවස්ථාවක ජයග්‍රහණය කිරීමට ඉඩක් ලබා නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 22 February 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026