පුද්ගලයන් 288 දෙනකුට මරු කැඳවූ මාරක දුම්රිය අනතුරට වගකිවයුතු සියලු දෙනාට කිසිදු සමාවක් නොදෙන බවත්, ඔවුන් සැමට දැඩි දඬුවම් ලබා දෙන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී තිබේ.

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවුණු එම දුම්රිය අනතුරින් 800 දෙනෙක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ ශීඝ්‍රගාමී මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටීමෙනි.

අග්‍රාමාත්‍ය මෝදි අනතුර සිදුවුණු ස්ථානයටත් පසුව තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට රෝහල්වලටත් ගියේය. තුවාලකරුවන්ට අවශ්‍ය සෑම ප්‍රතිකර්මයක්ම ලබා දෙන්නැයි මෝදි රෝහල්වලට උපදෙස් දුන්නේය.

පෙරැළී ගිය දුම්රිය මැදිරිවල සිරවුණු පිරිස් මුදා ගැනීමත්, ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමත් සිදුවූයේ හමුදාවේ මැදිහත් වීමෙනි.

(එන්.ඩී.ටීවී.)